දිනේවා !

රට වල් වැදෙනු දැක දස සිල් බිඳ ගත්තු මව් බිම රකින්නට ආයුධ අරගත්තු මර බිය කෙළ පිඬක් සේ බිම ලූ පුත්තු දිගුකල් දිනේවා මනු දම් පිරි ඇත්තු #සුහාරා

මාරයාගේ පණිවිඩ

ගේ වටේ තිබුණ කටු කම්බි ඉවතට හලාමාවතේ ඉඳන් එන දූවිල්ල අඩු කලානැති එව්ව හොයාගෙන ලෝකෙටම ණය වෙලාපිරිපහදු කරපු මං තාප්පය ඉදි කලා කලින් අය හිටවාපු ගහක ඵල රස බලාතවත් ගස් හිටවන්න හිත මගේ බල කලාවත්ත මැද හිටවාපු ගහත් කර සමතලාහිටවන්න තහනමක් අරං විත් බල කලා මව් පැළේ තනි කරන් පොලු ගහන උඩැක්කියඋඩ පනින විට දන්නෙ…

මිනිස් දෙවිවරු

අව් වැසි දුහුවිල්ලෙ පෙඟිලා දිවි ගෙවෙතහවසට යන්න වහළක් හා ගෙයක් නැතලැබෙනා සොච්චමත් සතුටින් බෙදා ගතමෙහෙමත් ගෙවෙන ජීවිත මිහිපිටක ඇත දෙව් ලොව පඩිපෙලෙන් බැහැලා පොළොව මතආයෙම දොරටු ඇරෙනා තෙක් කල් මරතඉන්නා ටික කලට දහසක් පිං කරතදන්නා දෙවි මෙවන් මිනිසුන් වෙසින් ඇත සුහාරා

දෙබිඩි හිත්-අමන ආකල්ප

ඊයෙ පෙරේදා දවස් කිහිපයක් එක දිගට ශැංග්‍රිලා හෝටලයට යාමට සිදු වුනේ එහිදී යොදාගත් වැඩ කිහිපයක් නිසාය. ඒ මගේ පළමුවැනි ශැංග්‍රිලා ගමනයි. ගමන් කල වාහනයේ පසුපස දොරෙන් ඇතුළට පාද තැබූ බෝම්බ ඉව කරන බව්වාගෙන් අවසරය ලැබුණ පසු ශැංග්‍රිලාහි දොරකඩ නවතන ලද වාහනයෙන් මා බහින්නට පෙරම සිනාවෙන් මුව සරසාගත් බෙල් බෝයි කෙනෙක් පැමිණ “ගුඩ් මෝනිං මැඩම්!” යැයි…