Rapid Reaction

පරණ අවුරුද්දෙ වස් දොස් ඔක්කොමත් එක්ක දත්වල හිරි ටිකත් යවාගන්න අද උදැහැනැක්කෙම මට අවස්ථාවක් උදා උනා. බස් එකේ මම වාඩි වෙලා හිටපු සීට් එකට වයස 40ක විතර මනුස්සයෙක් ඇවිත් වාඩි උනා, ඔඩොක්කුවෙ චූටි දුවෙකුත් එක්ක. ඊට එහා සීට් එකේ නෝනා මහත්තයා අනිත් දුවත් තියාගෙන වාඩි වෙලා. මගදි නෝනා දරුවො දෙන්නත් අරං බැහැල ගියාට පස්සෙ උන්දැ…

අල බෝල

“පුතා අල බෝල කනවද?” ඉඳල ඉඳල ගෙදර ආපු තාත්තගෙ වචන ටික ගුත්තිල ඇදුරුතුමාගෙ වීණා වාදනයටත් වඩා මිහිරීයි. මොකද අල තමයි මගෙ ප්‍රධාන ආහාරය. අනික තමයි ජිම් එකෙන් දීපු වට්ටෝරුවෙ අල නැති නිසා අම්මගෙ රෙසිපිවල පහුගිය මාසෙම අල තිබුණෙ නෑ. දවස් ගාණක අල අහිමි වීම තුලින් පිපෙන්නත් කලිං ඉඩෝරෙට අහුවෙච්ච මල් පොහොට්ටුවක් වගේ තිබුණ මගේ හිත…

වෙස්සගිරි සිරි

‍යුග ගාණකට කලියෙන්… යුද්ධත් වෙන්නැති… රජවරුත් ඉන්නැති… බිසෝවරු හිනැහෙන්නැති… සෙබළු පෙම් කරන්නැති… සසර දික් වෙන්නැති… මහණ දම් පුරන්නැති… භාවනා කරන්නට… වෙස්සගිරි එන්නැති… යුගාන්තයටත් පසුව අද… අපි ඔබත් එන්නැති… ගල් කුළත් නගින්නැති… එදා සළකුණු ලකුණු… තේරුම් නොගන්නැති… භාවනා කල තැනක… පිංතූර ගන්නැති… කිසිකෙනෙක් දන්නැති… ලෝකෙක බලං ඇති… ගන්ධබ්බ වී ඉන්න… රජු හූල්ලන්නැති… අපිව හඳුනන්නැති… අපිත් අහලත්…

කොන්දේසි විරහිත ආදරේක තරම

වටපිට එක්ක වැඩි ඇයි හොඳයියක් නැති අසල්වැසි ගෙදරක ඇති කරපු බැළලියකට පැටව් ලැබිලා. පණ පිටින් ඉතිරි උනේ දෙන්නයි. උන් දෙන්නටම මාස දෙකක් ඇති උපරිම වයස. එයිනුත් එක්කෙනෙක් පුදුමාකාර ලස්සනයි. මම ඔය සතාව දැක්කෙ ඊයෙ හවස පාර සුද්ද කරනකොට. නෑදෑයෙක් දැක්ක වගේ මගෙ ළඟට දුවගෙන ආපු පූස් පැටියා මගෙ කකුල අයිතිකරගෙන වගේ දෙපා මුලම පෙරළුණා. තාත්තගෙ…

ආයෙ යන්නට අයාලේ

දිළිඳු හදවත වාරු ගෙන තව හිනා වෙන්නට දඟලපං එදා පෙම අද ළඟින් ඉඳගෙන වෙනත් සුරතක රැඳෙනකං දිනිඳු කල පව් වසාලන්නට තරිඳු එළි නැග එනවනං හදා ගත් හිත ආයෙ යන්නට අයාලේ ඉඩ නොම දියං #සුහාරා

ආයෝජනයේ කෙළවර

රැවටීම… රබර් පටියේ කොණක් ඇඟිල්ලක දවටා අනෙක් කොණ කෝටු කැබැල්ලක බැඳ තිබියදී වෙර දමා ඇද කෝටු කැබැල්ල අත හැරීම ඇඟිල්ලෙන් මුදා හැරීමේදී කෝටුවට නොදැනෙන බැවින් කෝටු කැබැල්ල භාවිතා කිරීම නුවණක්කාර ආයෝජනයකි. එබැවින් රැවටීම නුවණක්කාර ආයෝජනයකි… නමුත් රැවටීම හැමදා යා නොදෙන බැවින්… ආයෝජනයේ කෙළවර අගතියට පත් පාර්ශවයේ අඳෝනාවන් අමතක නොකරන්න… #සුහාරා

පරිවර්ථන

දෙපා ඇත පෙඟිලා නමුත් නෑ පා සළඹ තෙමිලා ගලවලා තියලා කොයිබ නැගණිය ගියේ දුවලා දුර ඈත විමනක මං වියපු වහළක තියේ මිටිකල පමණක නුඹේ හෙට කල දවස හීනෙක පොත් මිටිය ළමැදේ හිනා පොදියකි මුහුණේ නොපෙණෙනා කිරුළේ රශ්මියෙන් එළි කරයි ගෙපැළේ සුරතේ ඇඟිළි බන්දා නිවසේ පහන කැන්දා මස්සිනෙක් වැන්දා ඇහැට කඳුළක් හෙමින් කැන්දා දා ගැබක් වැඳලා…

දෂ්ට කෙරුවෙමි හැපින්නට

රිකිල්ලකි වේළුණ සද්ද කරමින් පෑගුණ බයට දුවලා හැංගුණ උඹ මගේමයි දෙවඟන අම්මට වැඳල කියලම ආයෙ එනවාමයි මම ඊ තල ගෙදර තියලම උඹ අරං යන්නම සෘතු දෙකක් ගෙවුණා උඹේ හැඩ තල මැකුණා දෙවඟන තරම පෙනුනා හැපින්නක විස ඇඟට දැනුනා අහිකුණ්ඨක මල්ලියෙක් ගෙන්නා එක් දිනෙක් දුන්නා මුවත් පිහියක් ආයෙ නුඹ නොගනීවි හුස්මක් පාවෙලා ආ හුළඟක් විඳිමි හිතුණා…

වටින්නෙ කවදටද දැනගන්න

අවමංගල උත්සව වලදි මයික් වලිං කියන ගුණ කථන පණ පිටිං ඉද්දි මූණටම කිව්වනං… කිසිකෙනෙක්ව ඇහෙන්නැති මළ මිනිය ළඟට වෙලා අඬනව වෙනුවට හුස්ම ටික තියෙද්දි අගේ කලානං… මැරුණට පස්සෙ ගඳක් සුවඳක් දැනෙන්නැති මිනිය වටේට තියන්නෙ නැතුව පණ පිටිං ඉන්න කාලෙ මල් පොකුරක් දෙකක් ගෙනත් දුන්නනං… මළ මිනියකට වඩා මනුස්සයෙකුට ඒක හුඟක් වටිනවා… #සුහාරා

අගුළු දැම්මා

බිඳුණු හීනේ තාම එතනම කැබලි එක් කල නොහැකි ලෙසටම අයාලේ යන්නට නොදී මම අගුළු දැම්මා මගේ හිතටම #සුහාරා

රූප රස

අවුරුදු 08කට විතර කලින් රූපෙට මගේ හිත වශී වෙලා හිටපු සංගීත ක්ෂේත්‍රයේ segments කීපයක්ම cover කරපු කෙනෙක් හිටියා (නම, ගම සඳහන් නොකරමි). වැඩියම ප්‍රසිද්ධ කෙනෙක් නොවුණත් ඉතා දරුණු විදිහට කඩවසම් කෙනෙක්…අර අපි කියන්නෙ devilishly handsome කියල…අන්න ඒ වගේ කඩවසම් කෙනෙක්…මගෙ හිත ඒ අහිංසක පාට රූපෙට කොච්චර බැඳිල තිබුණද කියනවනං ෆොටෝස් පවා ඩවුන්ලෝඩ් කරගෙන බල බලා…

බණ්ඩාර තාමත් එතැනමයි

මව්ගෙ හුස්ම කලවම් වී ගලනා බෝගම්බර වැව තව තරුණයි නැගණිගෙ ලේ මුසු පිට්ටනියේ තණ ඈ වගේම හරි කිරි සුවඳයි අයියණ්ඩිය ඇස් පිහාටු ගැහුවා මං යන විට තාමත් මතකයි අප්පච්චිව වළ දමාපු තැන අපෙ මැදුරෙ ඉඳන් තව හුඟක් දුරයි දළදා මැදුරේ පත්තිරිප්පුවට පිට රැටියන් නැගුණා මතකයි අපි උන් මැදුරෙන් හිර අඩස්සියට රජුගෙ නියමයෙන් යනු මතකයි දංගෙඩියට…