ස්තූති කවියක්

නෙළුමක සුවඳ සේ ගුණ නැණ බෙදන්නා සඳ සිසිලසට මුලු හදවත පුදන්නා හැම පිං අතේ වැඩකට මල් පුදන්නා සූරිය හැම හදේ රජකම් කරන්නා #සුහාරා I did my best to thank you ayya…

ජොබ් එක

පියුං ටිං ටිං ගානවා තාත්තට සැක හිතෙනවා කාමරෙන් මං දුවන් එනකොට ලියුම කැඩෙනව පේනවා… නෙරා ආ ඇස් රතු වෙනා තාත්තගෙ අත වෙව්ලනා උඩින් පල්ලෙන් කියූ ලියමන මේස රෙද්දට විසි වෙනා… කාටදැයි මං අහනවා බලාපං උඹ කියනවා හෙමින් සීරුවෙ ඇවිදගෙන විත් මගෙ ලියුම මං බලනවා… කවරෙ උඩ රත්තරන් පාටින් සීල් එක ඇත දියතලාවෙන් කෑම්ප් එක මතකයට…

කේතු ගෙනෙන හේතු

බැඳීම්… පටන්ගන්නත්… පවත්වන්නත්… හේතු අවශ්‍ය නැත… හේතු… අවැසි වනුයේ… බැඳීම් බිඳ ගැනීමට පමණි… එබැවින්… ඔබ… හේතු සොයන්නෙක් වේද… එය ඔබේ බැම්මේ අවසානය විය හැක… #සුහාරා

ප්‍රතිචක්‍රීයකරණය කල හැකි හිත්

ඈ කඳුළු සලන’යුරු කවුළුවෙන් බලාපන් ඉකි ගගහ අඬන ඇගෙ දුක මදක් නිවාපන් උඹ දුන්න දුක් කන්ද තුනී කර දමාපන් දෙකම්මුල් පිහලන්ට මද නලක් එවාපන් එක අත්තෙ පිපුණ මල් පවා එක වගෙ වෙයිද එකම විදිහට පිපුණ ගස් දෙකක මල් කොයිද හඳට පිබිදෙන මලක් ඉරට අවනත වෙයිද ඔහොම තැලුවම හිතක් උඹට පෙම ඵල දෙයිද තලපු යකඩය ගිණි…

ප්‍රේමයේ සැබෑ වත

ජුලියට් රෝමියෝගේ ලෛලා මජ්නුගේ අනාර්කලීටද සලීම්ගේ කල පෙමින් අරුතක් නැතේ… ජෝධා අක්බාර්ටද චිත්‍රාගේ ගාමිණීටද අශෝකමාලා සාළියටද කොයිබ තිබුණේ සෙනෙහෙ සැනසුම… නික්ම ගිය හිමි සඳට සෙත් පැතුම් එකතු කොට අපමණව කල පෙමට කියයි හිමිකම යශෝධරාවත… #සුහාරා

අධ්‍යාපන ඇමතිගේ අධ්‍යාපනය

ඇමතිතුමා දන්නවද දන්නෑ… ඩෙනිමත් හාරගෙන ගිහින් ලේ උරන මදුරුවට… කකුල් දිග යුනිෆෝම් එක… සව් කොළයකට නොදෙවෙනි බව… #සුහාරා #සුහාරා

සිකුරු කුමාරී

මුහුද අගිස්සෙන් නැගෙනා අයුරු පෙනෙන්නේ සඳට දෙවැනි මනමාළිය නුබට වඩින්නේ ගිම් නිවන්න නැවතුණු හඳ මඬල නොඑන්නේ අන්න එදාටයි ඈ වැඩියෙන් බබලන්නේ හමු වූ හැටි සසර පුරා තව මතකයි මට නුඹේ අවට ඝණඳුර වෙත කවුරුත් නාවට ඉරේ සෙනෙහෙ හිමි උනාට පමණක් හඳකට මං දීගෙක ගියේම නෑ ආවද මතකෙට තට්ට තනිය කලු වතුරේ සෝදා හැරියට නුඹේ දිස්ණෙ…

දීර්ඝායු මැණික වන පෙතේ

මගේ ආයුෂත් ලැබගෙන මගේ ජීවිතෙත් අරගෙන අරා නැවත ලක් රොද වන නැගිට වරෙන් දීඝදන්තු මැණික වන පෙතේ… බලා වට පිටේ වගතුග නෙලා උවටැනේ උපරිම නිදා වැටෙන වන මං පෙත රකින්න ආයෙමත් එන්න රජුනි මහ වනේ… බිඳගෙන නිසසල තුරු විල දැහැනින් හුස්මේ දම්වැල පියඹන් ආ වෙඩි උණ්ඩය පරදවලා ආයෙ වඩින් දීඝදන්තුනේ… #සුහාරා

විස වුණු පෙමක්

ඇහැට යන එන පාට තවරා දිළෙන ලස්සන යමක ඔතලා හිතාගන්නට බැරිම යාමෙක මගේ දෑතට ගෙනත් දුන්නා… සිනහසෙන මුව මඬල දැකලා ආදරෙන් යැයි කියා හිතලා හලාහල විස බව නොදැන මම නුඹේ තිළිණයෙ සුවඳ වින්දා… වැහැපු පොද වැහි බිංදු අකුළන් යන්න යනවා හිතට දැණුනා වැටීගෙන ආ බිංදු පිණි දිය මගක් දුර විත් ඉරට නැසුණා… හැමූ හුළඟත් නැවත…

අනාථ අප්පච්චි

වේදනා ගල්වාවි නුඹ යනෙන විට හිතට අතරමං කර ගිහින් ඇයි එන්නෙ විටින් විට වලාකුළු හැංගිලා සඳ අහසෙ පෑව්වට නෑ එලිය වැටෙන්නේ මගේ ආදර පැලට වෙලෙන්නට තිබුණු අත ඇයිද සිහිතල වෙලා ළඟ ඉඳන් කියවාපු දෙතොල් අද ගොළු වෙලා උණුසුමින් කලඹාපු ළයම දරදඬු වෙලා ඇයිද නොබලන්නෙ මා දිහා නෙත් අරවලා මතකයිද හිනැහුණා එදා අතිනත් අරන් වෙන් වෙන්නෙ…

හොඳම ආයුධය

මරණීය ඉරටවත්… බය නොවී සිනහසුන… ගිණි ගහන දවාලෙත්… මැළවිලා පණ නොගිය… චණ්ඩි නිදිකුම්බාව… මුළුමණින්ම හැකිළවූ… නුඹ දන්නවද අරුම… ඒ තමයි ස්පර්ෂය… #සුහාරා