වහක්

උදයෙම හෝදාපු රෙද්දේ මඩ ඉස්ස දියවැඩියාවෙකුට චූ යනවා වැනි වැස්ස දොර රෙදි නටවන්න හුළඟත් ගෙට බැස්ස පන්නාගන්න හැකි වෙද ගත්තොත් කොස්ස අම්මා දුවනවා අරෙහෙට මෙහෙට වැරෙන් රෙදි බේරෙයිද අහසෙන් එන සාප වලින් මිදුණා වගේ අත පය දෙක මගේ පණෙන් මම ඉන්නවා පුටුවට වී ඔහේ බලන් සීතල අනිනවා හෙමිහිට ඇලපතට කිටියා නගිනවා වාගේ පපු මැදට එතනින්…

හෙටට

ඔහු ඉන්න මානේ අත පොවනු බෑනේ තනි කමක් ගාණේ මධු ය මගෙ පානේ අරලියකි පිපුණේ නිහඬ බව බිඳුණේ ඉකිය තනි නොවුණේ සිනහවකි මැකුණේ කඳුළ බිම වැටුණේ පසට සම වැදුණේ ඉන් නැගුණ දෙරණේ මලකි සුවඳට පිපුණේ හුස්ම පපුවට බර වී මගෙ ලෝකයේ රවී තාත්තා පර වී හෙටට දින තිහකුත් වී පුවත ඒ සැළවී සමන් පිච්චද හැකිළී…