හෙටට

on

ඔහු ඉන්න මානේ
අත පොවනු බෑනේ
තනි කමක් ගාණේ
මධු ය මගෙ පානේ

අරලියකි පිපුණේ
නිහඬ බව බිඳුණේ
ඉකිය තනි නොවුණේ
සිනහවකි මැකුණේ

කඳුළ බිම වැටුණේ
පසට සම වැදුණේ
ඉන් නැගුණ දෙරණේ
මලකි සුවඳට පිපුණේ

හුස්ම පපුවට බර වී
මගෙ ලෝකයේ රවී
තාත්තා පර වී
හෙටට දින තිහකුත් වී

පුවත ඒ සැළවී
සමන් පිච්චද හැකිළී
ලෝකයම මැළවී
සුවඳ දැණුනේ ඔබෙන් පමණී

#සුහාරා

One Comment Add yours

  1. The darkness man says:

    ❤️❤️❤️❤️❤️

    Liked by 2 people

Leave a comment