පාලම

ඈතින් ඇහෙනා පිරිත් ස්වරය මට බුදු හිමි දුටුවා වගේ තමයි අපෙ හාමුදුරුවො දෙසනා බණ පද අනු බුදු හිමි වැඩියාට සමයි බුදු මැදුරේ බුදු හිමිට පිදූ ඒ පහන් එලිය ඝණ’ඳුරු දුරලයි බෝ මළුවේ අපි පුදනා මල් ගොඩ රන්මැලි සෑ මහ කොතට සමයි #සුහාරා Advertisements

ආදායම් පරීක්ෂාව

කඩුවෙල මහ නගර සභාවේ අතුරුගිරිය ශාඛාවේ ආදායම් පරීක්ෂකවරු සුපරීක්ෂාකාරී ලෙස රාජකාරියේ යෙදෙනු අද මගේ නෙත ගැටිණ. මහත් ආයාසයෙන් නාසයේ ඇඟිලි ගසමින්, ඇතුළේ ඇති අය වැය එළියට ගෙන අඹරා රෝල් කර වටේටම විදිමින්, හරි තැනට ආදායම වැටෙනවාදැයි ඔලුව උස්සා බලමින් තදබල ලෙස ආදායම් පරීක්ෂණයේ යෙදෙන දසුන ආණ්ඩුවේ කාර්‍යයාලයකින් වැඩක් කරගැනීමට ගිය මගේ නෙතට ‍රසඳුනක්ම විය. වයස…

කකියන සෘජු බව

පියඹ යන්නට ආයෙ බැරි වග වේදනාවෙන් හොඳට දැන දැන තටු සිඳුන ගත කකියවන්න’තර බලන් සමනළ උගේ සෘජු බව #සුහාරා Pic by Dasun Wanaguru

අර්ධ මනුෂ්‍යයාගේ පූර්ණ ආධ්‍යාත්මය

2015 ජූනි 15 ​අද 2010 පැයටත් මම නවගමුව පංසලේ බෝ ගහ යට අම්මලා එනකන් තනියම. පනාගොඩ කෑම්ප් එකේ අයියල වගයක් බෝ මළුවෙ වඳින්න ඇවිලා. Light Infantry කියල ගහපු ලස්සන සුදු ටී ෂර්ට්ස් ටිකක් එහෙම ඇඳන් හිටපු එයාලගෙ වයස උපරිම 32ට කිට්ටු ඇති. මල් පූජා කරලා ආපස්සට හැරෙද්දි මම දැක්කා ටිකක් ලස්සන සුදු අයියා කෙනෙක්. සාමාන්‍ය…

අද ආදරේ

විඳින්නත් බෑ… විඳවන්න දුන් තෑග්ගට… අඬන්නත් බෑ… මස්කාරා දිය වෙයි කියල බයට… මැරෙන්නත් බෑ… මගෙ හුස්ම ටික දීල උඹෙ අතට… කියන්නත් බෑ… නොකියම ඉන්න උන පොරොන්දුවට… #සුහාරා

අහිමි බැමි

විකසිත පියුම් විලකින් එන බඹරින්දූ යන මග පිපුණු නෙළුමක් වෙත හිත රැන්දූ මොහොතක් නවතින්න හදවත වෙත කැන්දූ හිතිවිලි ඉකි ගසන්නට නොතියා ඉන්දූ ඉඟි කර අහස් තලයට නොවසිනා ලෙස හරවා සුළං රැළි හෙමිහිට හමන ලෙස සියපත වෙතට ලං වී පිණි බිඳක් ලෙස ගිවිසෙයි යළිදු මේ මගටම වැටෙන ලෙස සියපත පහු කලා උදයේ බඹරින්දූ ආ මග නැවත…

තේරීම අපේ අතේ

පහනකට පුළුවං ආලෝකය බෝ කරන්න… ජීවිතේ කවදහරි දවසක… මැරෙන්න දවසක් තියල හරි… මාත් වෙනවා… පහනක්… #සුහාරා

වටිනාම ගබඩාව

මුහුද… කොච්චර ඝෝෂා කලත්… හැමෝගෙම රස රහස්… හංගලා තියන්න… ආරක්ෂිතම තැන… #සුහාරා

හිමිකමට වගකියන්න

සුළඟ ගතු කියාවි… බඹරිඳුට ඉරිසියාවෙන්… වෙනදා සිප හැමූ මලේ… රොන් රැගෙන යාවීයි බියෙන්… වදන් දී මල වෙත… සුළං බස් ඉවතලන්න… හෙටත් හිරු නැගෙන විට… ඔබ එන්න සුළඟට පෙර… #සුහාරා

ආදර පරිවර්තනය

මාව රකින්නට පාළු කපන්නට බලු පැටියෙක් ඕනෙයි කියලා තාත්තගෙන් මං අවසර ගත්තේ අමාරුවෙන් නහයෙන් අඬලා මාව වඩාගෙන අරගෙන ගිය හැටි හොඳ හැටියට මතකෙට නගලා වඩාගෙනයි මං ඌව ගෙනාවේ දන්න කියන ගෙදරක ඉඳලා ඔඩොක්කුවේ හෙම තියාගෙනයි මං කවා පොවා ඇති දැඩි කෙරුවේ කරපු දඟ වැඩක් අහු උනොතින් හෙම වදින ගුටි වලින් මුවා කලේ සීතල දවසක මගෙ…

හැම බැඳීමක්ම ආදරයක් නොවේ

පණක් නැති මේ සපත්තුව ළඟ උගේ අනිකා නිදන විටදී තනිය මැකුණලු හිතත් හැදුණලු හිත් දෙකත් අලුතින්ම බැඳුණලු හිතක් නැති ඒ සපත්තුවටත් වඩා බැඳිලා හිත් දෙකක් වී එක හිතක් අවදියෙන් හැඬුවලු අනෙක් හිත සැප සේ නිදද්දී #සුහාරා

උතුම් පැතුම්

සුපුන් සඳකට හැකිවුණා නම් විහිදුවන්නට සිරිය දස අත නුඹම විය ඒ සුපුන් සඳ මට සිනා තරු මල් වුණා විකසිත කඳුළකට මගෙ නොදී අවසර උණුසුමෙන් නුඹෙ දොවා මා වත මතු භවේදිත් නුඹේ වන්නට පතමි පා මත හොවා නළලත #සුහාරා