පිං පොලිස්

අවුරුදු 25කට කලිං අපේ ගෙදරට අට දෙනෙකුගෙන් සමන්විත හොරු කාණ්ඩයක් පනිනව. හරියටම අලුත් අවුරුද්ද කිට්ටු කරල ආපු මේ කාණ්ඩෙ රත්තරං බඩු විතරක් නෙවෙයි අලුත් අවුරුද්දට ගෙනල්ල තිබ්බ ඇඳුම් වල ඉඳල බේසම් කෝප්ප පවා අරගෙන යනව. එදා කහතුඩුව පොලිසියට පැමිණිල්ල අරගෙන ගියාම අපේ සීයට ලැබෙන උත්තරේ තමයි, “හොරා අල්ලගෙන ආවනං අපිට පැමිණිල්ල ලියන්න තිබුණා. කව්ද කියල…

අලුත් හඳ තුරුල

වසන්තය හිර බාරයට ගෙන… අගුල් දා අල්මාරියේ… නුඹේ නැව නැංගුරම් ලන තෙක්… බලං උන්නා හීතලේ… ලියුම් කඩදහි ගෙනා උණුහුම… හැබෑවට ඇත්දැයි ළයේ… බලන්නට ආසාවකින් මම… නිදිත් වැරුවා කරුවලේ… දිනත් ලඟ ලඟ ඇවිත් උන්නා… කොඩිත් තිබුණා පෙරහැරේ… මගේ අඩුවක් නෑ පෙනෙන්නේ… අලුත් හඳ ඉර තුරුලෙනේ… #සුහාරා

නව මෝහිණී

සුදු වතින් සැරසී ඇවිත් දරුවෙකුත් පෙන්වා කඳුලකුත් වශිය අරඹන මෝහිණී ගැන අසා තිබුණා කලුවරෙත් ගෙල කඩා ලේ බිව් කතා ගැන බය දැනුන්නෑ දකිනතෙක් කකුල් පෙන්වා පිරිමි ඩැහැගත් රකුසියන් මහ දහවලෙත් කැලේ උල ලේනා අඬද්දී අපුල මට දැනුනේ නැතේ කෑරලාගේ කෑගැසිල්ලෙන් නින්ද මගෙ බිඳුණෙත් නැතේ පාවෙලා ආ පුළුටු ගඳ මගෙ නහය වටකර රඟදෙතේ යකින්නක විත් මගේ…

එදා ගොත ගැසූ පුතුට

ගොත ගසා අපච්චි ඉල්ලපු තෙවස් නුඹ උකුළේ හොවා හිස පුරා සිප වැළඳගෙන ඈ ස්නේහයේ ගඟ කලතවා මිදුණු හදවත කිණිහිරේ ලා නුඹට උණුහුම පුබුදුවා කෑ ගසා එන ඇඬුම් ගුලිකර හිටියෙ දුක හරවා යවා ළපටි අතපය උස්මහත් වී පුතා අද හැමටම උඩින් එදා ඒ කර තියන් ඇවිදපු දෙපා මිදිලා වාරුවෙන් වෙදුන් සලිතව සයන වට මුත් තවම ඈ…

හඳ

නිරුවතින් හිටි හඳට වළා සළු පෙරෙව්වට දුහුල් පට අතරිනුත් දිස්ණෙ පේනව ලොවට පිරුණු හඳ දකින්නට බලං හිටි අය අතරෙ මමත් හිටියා තමයි උනනතුරු සළු ‍රෑට වැහි වළා පැමිණිලා හිත් සසල කරලා දුන් පණිවිඩය කියවලා හිතත් කලකිරිලා මගෙ පෙම්බරී උන දාට මසකට වරයිනං මුලිච්චිය හඳකට උනත් රෑකට ඔය හැටි සළු මොනවටද වළා ඉරලා ඉවතට වැළඳගමි කිටිකිටියෙ…

පෙම් බැන්දනම් කුහුඹුවෙකුට

පෙම් බැන්දනම් කුහුඹුවෙකු හට ඉගෙනගනු එක්කහු කරන්නට එහෙව් නැති උන් නියඟෙට වේළිලා යනවාලු තරඟෙට පෙම් බැන්දනම් කුහුඹුවෙකු හට ඉගෙනගනු ගුලකට වදින්නට ඒ රැහේ යහතින්ම විසුමට අන් මගක් නෑ කෙනෙකුට පෙම් බැන්දනම් කුහුඹුවෙකු හට අසා දැනගනු සපා කෑමට කුඩා උන් පාගා දමන්නට මහ එවුන් එනවාලු හරියට පෙම් බැන්දනම් කුහුඹුවෙකු හට හුරු කරන් ඉතිරිම කරන්නට අහර කිම…

මගේ පණ

මටසිළුටු නියවල පාට ගෑ පළියට බැරිය සඟවන්නට නුඹේ ළමැදේ වතගොත රාත්‍රියෙ ඝෝෂාව මැද්දේ නිහඬව කරන යුද්ධේ එළියට නොඑන සද්දේ ඇයිද හංගන් හිතේ මැද්දේ බැරිද ඔතැනින් එන්නට ඇහුව මතකද මං විටින් විට හිනැහී වනා දෙපසට හිස තිව්වෙත් මගෙ උරහිසට භග්නව යළිත් එක් කල පපුවම තාම නුඹ ළඟ හැල්මේ දුවපු මං ගැන දන්නෙ නැවතුම්පළ පමණමය රෑ මනාළියකට…

සපත්තු කෙල්ල @ Kandy

ඇඳුමක් ගන්න කියල දෙහිවල Kandy කියල තියන උස කෙට්ටු කඩේට හදිස්සියෙන් ගොඩ වැදුණා. කැන්ඩි කියන්නෙ මම වැඩිය ගොඩ වදින තැනක් නෙවෙයි. ඇඳුම් කියන්නෙ මම වැඩිය ගන්න ඒවත් නෙවෙයිනෙ. යාළුවෙක්ගෙ රෙක්මන් කිරීමක් මත අට වසරෙ වගේ පේන තව බටු ඇටයක් වගේ යාලුවෙක් එක්ක තමයි ගියේ. කොහොමහරි තට්ටු හැම එකකම ඇවිදලා බැරිම තැන ඩෙනිම් තියන තට්ටුවට බැස්සා….

සළකුණු

බොරළැස්ගමුවෙ වැව් බැම්මේ සුළඟ වැදී ඉපැරණි මතක යළි එනවා සුවඳ දිදී අම්මා උයපු බත් මුල මට ලිහා දිදී හය ගැසු බෝට්ටුව එනකන් බලා ඉඳී මගෙන් දෙකටකුත් බත් නුඹ ගිල දාලා ඉතිරිය කවයි මට දන්නා සිප් දාලා යළි එන පොරොන්දුව නළලතටම දීලා දොරකඩ ළඟින් මතකයි ගිය හැටි හැරිලා අදටත් පැන්සලෙන් ලියවෙන සටහනක ගෙයි මුල්ලකට වී ලියනා…

එනවා උඹව මතකෙට

නල දත් හිනාවට පපුවේ මවිල් පොකුරට කලුවට හුරු හමට තවම හිතෙනව ලෝබකම් මට හිත අඬා ටිකෙන් ටික වියැලෙන්න තියු කඳුළක ආයෙ හැපිලා කොපුළක ඉකිය ඉතිරියි පපුවක හවස් කලුවර එන විට අරං එනවා උඹව මතකෙට දුරුවලම නහරෙට පොරෝ පහරක් ගසන සෙයකට ඉර ගිල්ලවූ පොකුණේ පතුළෙ ආලෝකයකි දිළුණේ දැක මං නොසැළුනේ පතුළට එන්ට සිතුණේ හොඳම නැකතක් බලා…

ද්‍රෝහියා දෙවියෙක් ව…

රාවණා නිහඬ කල විභීෂණ උඹ කොහිද උඹේ අඩි පාරෙ යන සිරිසේන නොපෙනේද රට පාවලා දුන්නු උඹත් මොන දෙවියෙක්ද සතරවරමෙන් එකක් උඹ කොහොම ගත්තාද ද්‍රෝහියා දෙවියෙක්ය කියු එකා සොයා යං රටම ගිණි බත් කරපු හනුමාව සොයා යං විභීෂණ හා වඳුරු හනුමාව ගෙන බැඳං එකම ගින්දර ගොඩේ පුළුස්සා අළු කරං රට රකින සිව්වරම් දෙවිවරුනි ඔතනින් බැහැපියව් බිමට…

අපි වෙනුවෙන් උන් හිටියට උන් වෙනුවෙන් ???

අපිව රැක්මට ආපු ලක් මවගෙ දූ පුත්තු ලේ මසින් කැප වෙලා අපි සැවොම රැකගත්තු යහපාලනේ ඇවිත් කරයි රණවිරු මට්ටු ඒ පුතුගෙ පඩියටත් කෙලවාවි වල් සත්තු ඉල්ලලා වැටෙන විට අහිමි හිමිකම් මගට ඇඟිලි නැති අත් පොඩිය වෙව්ලාවි හිත් දුකට තිස්තුනක් කෝටියක දෙවියො වැඩ සිටීයි නං අද රෑට මහා වැහි වළාකුළු මවාපං විරු පුතුට ඔසවාපු අත දෙකට…