ඇත්තම විස

පොළඟෙක් කිව්වම අපිට මොකද්ද මතක් වෙන්නෙ? විස…ලෙඩ…සමහරුන්ට මරණය…ඕනවට වඩා හිතන අයට අරිෂ්ට, කසාය, දෙහි ඇඹුල්, ගරුඬුරාජ එහෙමත් මතක් වෙනව… අපේ ගෙදරට ඉස්සරහ තියනව පර්චස් 13.7ක හිස් වත්තක්. පළාතෙම ඉන්න අයගෙ ගෙවල්වල තරාතිරම ඒ වත්තෙ පස්වල තියනව. හැමෝගෙම මිදුල්වල ගස් කැපුවම ගෙනත් දාන්නෙ ඔතෙන්ට. ටයර් පුච්චපුවගෙ ඉඳල කැඩුණු සෙල්ලම් බඩුව දක්වාත්, කලින් දවසෙ ඉඳුල් දාපු කාඩ්බෝඩ්…

දකුණ ???

යාපනේ සිද්ධියෙදි උන්ගෙම වැරැද්ද තියාගෙන කැම්පස් ළමයි එළියට බැස්සා එකා වගේ. බය නැතුව LTTE එක කරපු ස්ට්‍රක්චර් එකක් repeat කලා A9 පාර block කරල. ඒත් අමනුෂ්‍ය විදිහට දකුණෙ කැම්පස් වල ළමයින්ට ගහද්දි මෙහෙ අපේම අයගෙ විරෝධතාවල සැර අඩුවීමට හේතුව ජාන විකෘති කරවන ලද ජාතිය සහ සංස්කෘතිය විසින් දෙන ලද සටන්කාමීත්වයේ සහ එකමුතුකමේ අඩුවක්ද? පංතියෙ එකෙක්…

අඬන්න ඉන්න එකාගේ ඉස්සරහ ළුෑණු සුද්ධ කිරීම

පාන්දර 3ට වමනෙ නාගෙන ගිය ගමනේ අග… (අපහාසයට නොවේ) මහ පාන්දර මම අවදි වුනේ කොහොමද කියල මම තාම දන්නෙ නෑ. හැබැයි එවෙලෙ මගෙ ඇඟෙ තිබුණ හැම දොරක්ම වැහිල වගෙයි මට දැනුනෙ. හුස්ම ගන්න එක කරන්න බැරි වැඩක් කියල මගෙ පෙණහළු මට දැනුම් දුන්නෙ පුදුමාකාර විදිහකට. කාලාන්තරයක් තිස්සෙ පපුවෙ එකතු උනු සෙම කන්දරාව අද විප්ලවයක් පටං…

ආසාව කොච්චර බලවත් උනත්…

මීට අවුරුදු හතකට විතර කලිං දවසක කොට්ටාව කිට්ටුව තියන හංදියක හාඩ්වෙයා එකක් ළඟ තාත්ත බයික් එක නැවැත්තුව. උදේ වැඩබිමට ආපු සිමෙන්ති ලෝඩ් එකේ මදි පාඩු ඕඩර් කරන්න බාසුන්නැහැලව නොයව මාවත් අරගෙන හංදියට ගියේ තාත්තටත් අම්ම වැඩ ඇරිල එනකන් ගෙදරට වෙලා ඉන්න කම්මැළි හින්ද වෙන්නැති. ඕලෙවල් ඉවර කරපු අලුත ආත බූත නැතුව හිටපු මමත් තාත්ත අඬගහන්නෙ…

ආවර්ජනා

සිප් හලෙන් මා දැන උගත්තේ අකුරු පමණක්මත් නොවේ කල් ඉකුත් වූ නමුත් තාමත් සුදු ගවුම මතකයි නුඹේ දෙගුරු ගැරහුම් මැදින් නුඹ මා හැරගියත් හද වූ සෙනේ පිපාසිත මා ගිලන් කරවා අදත් ළමැදේ රජයතේ ඔහුගෙ දිනපොත නුඹේ මතකෙන් පිරී යනු ඇත ඉදිරියෙත් මගේ හදවත නුඹේ සෙනෙහෙන් දැවෙයි නෑ නවතින හැඩක් මගේ අත රැඳි මගුල් මුදුවෙන් විලංගුව…

තමාට නිසි තැන අමතක කල මුදුන් මුල

මම නිකමට කිව්වොත් ශ්‍රී ලංකාව ගෑණුන්ගෙන් යැපෙන රටක් කියල මට නෝන්ඩි දාල බැණල කමෙන්ට්ස් මැසේජස් වැහි වහින්න ගනීයි. හැබැයි facts එක්ක බැලුවොත්… ශ්‍රී ලංකාවේ දේශීය ආදායමේ පළවෙනි තැන විදෙස් ශ්‍රමිකයන්ගෙනි (බහුතර කාන්තාවන්ය). දෙවැන්න ඇඟළුම් කර්මාන්තය (කාන්තා ආධිපත්‍යය පිරී පවතී). තෙවැන්න වැවිලි කර්මාන්තය වේ (මෙහිද බහුතර කාන්තා ශ්‍රමය යෙදවේ). ගෘහස්ත හිංසනයට, කායික මානසික පීඩා බොහෝමයකට, ගෘහාශ්‍රිත…