First admirer

රීබොන්ඩ් කරගත් කොණ්ඩය වන වනා කඳු නගින්නට කලින්, කරන්නේ මොන රස්සාවදැයි තෝරාගන්නටත් කලින්, උසස් පෙළ විභාගයට පැයක් තියෙද්දී මහ පාර මැද නන්නාඳුනන ගැහැණියකට ප්‍රථමාධාර දෙන්නටත් කලින්, ගැස්ට්‍රයිටිස් වෙනුවට ඇපෙන්ඩිසයිටිස් යැයි වැරදීමකින් තියටර් එකට ගන්නටත් කලින්, පළවෙනිම අස්ථි භග්නයටත් කලින්, තුන්කුළුඳුල් පෙම් කවිය හිතට එන්නත් කලියෙන් අම්මලාගෙ ආදරේ හැරුණකොට වෙන කිසිම ආදරයක් ගැන නොදන්නා කාලයක් අනිත්…

තක්සේරුවේ මිණුම කොතැනද?

​දෙන්නට දෙන්නා නොගැළපෙන බව දැනගෙන කතා වෙලා වෙන් වෙන්න කැමති යුවලක් හමු උනා. නමුත් ඔවුන් දෙන්නගේ ගැටළුව තමයි කාලාන්තරයක් දැනහැඳිනුම්කම් පවත්වලා නිසා වටේ පිටේ සහ නෑදෑයන්ගේ උසුළු විසුළු වලට ලක්වීමේ බය නිසා වෙන් වෙන්න තියන නොකැමැත්ත. හුදෙක් පිටස්තරයන්ගේ වින්දනය පිණිස ගින්නේ ඇවිදින්නට ඔවුන් සර්කස් කරුවන් නොවන බව මම ඔවුන්ට පැහැදිළි කලා. වෙන් වීමේ ආදීනව උපරිම…

ඵලක් වී නෑ

​උඹත් එක්ක ඉන්න ටිකට පිච්චුණ ලේ කැටි තරමට පිපාසයක් නෑ මේ මට කඳුළු බිව්ව ඇති තරමට පපුව පුරවා සෙනෙහෙ දුන්නට ඵලක් වී නෑ උඹේ පපුවට ගලන ගඟ මැද ඔරුව පෙරළා අණ කරයි පීනන්න මා හට #සුහාරා

පරාදයි නුඹ

​තියන වැඩ කඳු අතරෙ මං උඹව සොයනකොට හැමදාම උඹේ කාලසටහනේ මට එන්නෙ දෙවැනි තැන ඩිංගක් කහිනකොට බත්පතත් බිම දමා ළඟට දුව ආ අම්මාට දෙවැනි කලා උඹවත් මම වැඩ තියනවා මැණික මිනිත්තුව පැය සොයා යන විට මුව ගොළු කලා මගෙ හිත ඉකිබිඳුම් දහසකුත් හිතේ හංගගෙන නෝ පේ දමාගෙන දුවං එනකොට මයෙ ළඟට අහංකාරයි මම ආදරෙන් අම්මගෙ…

හෙර

පිපාසය ගැන දන්නෙ කවුරුද කාන්තාරේ දැවෙන වැලි හැර… අතහැරීමේ තියන දුක ගැන දන්නෙ කවුරුද වැටෙන තරු හැර… මාලිගාවේ මැණික අරගෙන සැඟව යන්නේ දොරටු මගහැර… පෙම් රැයේ දූ කෙළිය හොඳටම පුරුදු පුහුණුව ආවදෝ හෙර… #සුහාරා

රිදී රේඛා

​බුරුල් පස සිසාරා නග්න මුල් දුවනවා නීල වන් කොල අස්සෙ මලුත් පුබුදවනවා උඹෙ මුලට අහුවෙච්චි බිත්ති ඉරි තලනවා දිරපු ගේ ඉන්න බෑ මනමාළි කියනවා මගෙ උපන්දිනේකට අප්පච්චි හිටවාපු කපන්නට බෑ උඹව හෙවණෙ ඔංචිලි පැදපු ගෙයි දොරට මුහුණ ලූ අත්ත අග ගුලි කරපු පරඬැලක් පේනවා ලේනියක් ගෙන ආපු අච්චිවාරම දිගේ හෙටත් උඹෙ මුල් ඒවි මගේ දුප්පත්…

වැටහීම

පියා දුන්නු හුස්ම පොදට අම්මාගෙන් දිවිය නමැද දිනා ලොවක් අරුම පුදුම ඔහුට පුදයි ජීවිතයම අගේ දැනෙයි අම්මාගේ වැටහෙයි සැර අප්පාගේ එපිටින් එන ජීවිතයට අගේ පිම්බ දෙන්නාගේ කා හට මගෙ හිත පිදුවත් කා සමගින් දීග ගියත් දෙමව්පියන් ලෙසින් සෙනෙහෙ පුදන හිතක් ලොවේ නැතේ #සුහාරා

චීත්ත විමර්ශන

​හදිස්සියේ මට එනව දුරකථන ඇමතුමක්…අවුරුද්දකට මෙපිට කතා බහක් නොකල පුද්ගලයෙකුගෙන්… “මචං උඹ බඳිනවද?” “මම?” “ඔව්…බඳිනවද?” “කාවද?” “අර ෆොටෝ එකේ ඉන්න කොල්ලව.” “කොයි ෆොටෝ එකේද?” “අර ෆොටෝ එකක් ගහල දාල තිබුණෙ උඹෙයි කොල්ලෙකුගෙයි.” “මම?කොයි?” “ඇයි මචං අර උඹ කොල්ලෙකුගෙ ළඟට වෙලා ඉන්න ෆොටෝ එකක් තියෙන්නෙ?” “මම?කොල්ලෙකුගෙ?කොයිකද?” කලකට පසු සුවදුක් විමසනවා වෙනුවට ඕපාදූප විමර්ශනය කරන මිතුරා ගැන…

කවදාදෝ

​ආසයි නුඹේ නෙත් සඟලේ ගැවසෙන්න තොල් මත රෝස උණුහුම තවරාගන්න අත් දෙක ළැමේ හංගාගෙන ඇහැරෙන්න ආයෙත් එන්නෙ කවදාදෝ නවතින්න #සුහාරා

බලාපොරොත්තුව

​​දියතෙ පූදින තඹරු ගණනට වඩා මතකයෙ නුඹෙ නමයි මැවුණෙ බැලු අත නිවා හදවත සිනහසී ගත් නුඹෙ රුවයි නුබේ තරු කැට එළි ඇවිස්සී රැයේ තනියද අද අසයි දෑත් පවුරෙන් වටලමින් මා ගිම් නිවන්නේ කවදදැයි #සුහාරා

මං මුලා වේ

උදැහැනැක්කේම කන නෙත් යුගලෙ හී පහර හැන්දෑවෙ දියව යයි වැඩ ඇරෙන විට පහට නිතර යන එන ගුලක කුහුඹුවෙක් සේ හෙතෙම පාඩුවේ පාළුවේ සිනහසෙයි වට පිටට මීයක් කනට දැම්මා වගෙ කතාවේ කෙල්ලන් වහ වැටෙන මුව අග හිනාවේ නියඟල වැටුණ ඉස්සර පෙම මුවා වේ විරහව රැඳුණු ඇස් අග මං මුලා වේ #සුහාරා

එනවනං දෙනවා

පාර අයිනේ කසල කන්දක ඉඳුල් තෝරන ඇස් දෙක ළඟට යන හැම වරෙක බියෙන් සැළුනා මා දැක සැප දී හදන්නට කඩෙන් ගෙනෙනා එකෙකුට හීන දැක දැක හිටි මට පපුව පැළුණා බැල්මට පසුම්බිය ඇරුණා දෙකකුල් නැවතුණා කඩේකට හැරුණා බත් මුලක් ළඟ ඇස් නැවතුණා ජාතිය කුමක් වුව සෙනෙහස මටයි පළමුව මා හිත කියවමින දුරුවල නකුට නොඉවසිල්ලෙන කාබී අහවරේ…