සරණක් නැති සුසුමක්

පිපෙන්නට මග බලන කමලක් හිරුට පල කල සිනහවක් වැස්ස එනතුරු බලා ඉන්නා කතරෙ වැලි වල දිස්ණයක් නුඹේ හෙවණැලි දොරකඩින් මතුවේය සිතනා හදවතක් කාත් කවුරුත් නැති සුසුමකට උපත දුන්නා තව වරක් #සුහාරා Advertisements

සටන අවසන් නොවේ

අද ඉර එළිය බිම වැටෙන ඇසිල්ලේම අපි එකතුවෙලා වී කුරුල්ලො එකොළහකුයි ගිරා ජෝඩුවකුයි නිදහස් කලා. අපලෙකට නෙවෙයි. හිර කරන් ඉන්නවා බලන් ඉන්න බැරුව අපි දෙතුන්දෙනාගෙ පර්ස් එකේ අන්තිම රුපියල වෙනකන් කලෙක්ෂන් දාලා අරගෙන ඇවිත්. අපරාදෙ කියන්න බෑ මා එක්ක එවෙලෙ හිටියෙත් ඔය වගේ වැඩවලටම සැදී පැහැදීගෙන ඉන්න තුන්දෙනෙක්; අම්මයි, අක්කයි, යාළුවෙකුයි. මහ රෑ සත්තුන්ව වහල…

Sleeper Cells

නෑ මේ ඔයාලා හිතන දේ නෙවෙයි. ස්ලීපර් සෙල්ස් කියන්නෙ ත්‍රස්ථවාදීන් විසින් මරාගෙන මැරෙන හෝ තැන තැන බෝම්බ තියන්න යොදන එක ෆ්‍රී ලාන්සිං උපාංගයක්. ඒක ඔපරේට් වෙන්නෙ මෙහෙමයි… ඔයා ත්‍රස්තවාදියා කියල හිතන්න. ඔයාට ඇටෑක් කරන්න ඕනෙ නුවර දළදා මාළිගාවට. ඔයා තෝරගන්නවා දළදා මාළිගාව අවට හෝ නුවර පුරාවට ඉන්න අතිශය සාමාන්‍ය ජීවිත ගෙවන සිවිල් වැසියො සෙට් එකක්….

උන් වෙනුවෙන් අපි ඉන්නවද?

මීතොටමුල්ලෙ කුණු අදින රණවිරුවො දැක්කාම මට මතක් උනේ අරණායක…කොස්ගම සාලාව…අන්තිමටම මට මතක් උනේ තිස් අවුරුදු යුද්ධෙ… ඔය කියපුවා කිසිම දෙයක් මිනිස්සුන්ට ප්‍රිය උපදවන දේවල් නෙවෙයි. නමුත්, ඔය දේවල් අස්සෙ මැරිලා වැළලිලා හෝ වැළලිලා මැරිලා ගියෙත් මිනිස්සුමයි. නිසි පරිදි අවසන් ගෞරව දෙන්න අපි හැමෝම මිනී පෙට්ටි වටේ වට වෙලා හිටියත් ඒ මිනිස්සුන්ව ඒවයින් ගොඩට අරගන්න දෑත…

ආයෙම එන්න පණ

අවුරුදු ඇවිත් ඔංචිල්ලේ ගැට කපලා කෝචොක් කරන් යන්නට යයි අත වනලා වෙසඟේ දන්සැලට යන්නැති බව දැනිලා බත් කැට සුවඳ මගෙ නාහෙට එයි දුවලා අත පය හතර දමලා ලිප පත්තු කලේ වතුරද නටවලා ඉඟුරුත් කැබලි කලේ උඹ පිළිගන්න තේ පිළියෙල කරන වෙලේ කඳුළක් මුසු උනා තේකට ඇහැ ලු වෙලේ දිය කරවන්ට වීදුරු ගල් උණු කරවා ඇති…

බලාපොරොත්තුවට පණ දෙන්න

මහනෙල් මල් පිපුණ විල මැද ඉර එළිය අනඟුන් පිහිනලා කැළඹුන නිල් දියය බඹරුන් හිරි අරින සිහිලැල් හිමිදිරිය පිණි බිඳු රජ කරයි උඹ තාමත් නැතිය බඩගිණි කුසට දෙනවා මිස නැහැය වෙත මසවුළු ගෙනෙන රස සුවඳෙන් පලක් නැත අද නැති විරිය හෙට ගෙනෙනා ඔය දෙ අත එන විට මගහැරී පෙරහැර ගිහින් ඇත වක් වූ හොටෙන් රන් මසු…

ඇස් මානෙම බිඳෙන හීන

පාර අද්දරටම වෙලා ඉන්නම්ද මග බලා මේ නිවාඩුවටවත් නුඹ ඒවිදෝ කියා අප්පච්චිටම ගිහිං මං කිව්ව නුඹේ ගැන අම්මලත් එක්ක අවුරුද්ද ගෙන වඩින බව අපේ ගෙයි කාලෙකින් හුණු බිඳක් ගාපු බව ආසාවෙනුයි හිටියෙ නුඹට පෙන්නන්න මම අවුරුද්දනං ආව මහංසිය නොම බලා පුරුද්දට වගේ මං අද තාම නැගිටලා නුඹ ඒවි දැයි බලමි වැට අද්දරට වෙලා අදත් වෙනදා…

එකම පැතුම

බිඳෙන් බිඳ පෙර පව් මකාගෙන තවත් ජන්මෙක ඉපදුණේ මිනිස්කම ලද පිනට ඉහළයි බොදුණුවෙකු වීමම අනේ වදන් අතරින් උතුම් සිංහල බසයි හැමදා වැජඹුණේ ලදොත් උපතක් නැවත මා ලක් දීපයෙම ඉපදෙනු මැනේ #සුහාරා

යමි

මගේ පන්හිඳ වැරදි කර ඇත සියක් කවි නුඹ ගැන ලියා හදේ හුස්මෙහි අදත් කකියන ලොවක් ඇත නුඹ වෙත කියා ලොවේ කවුරුත් අන්තිමේ යන අනන්තයෙ මිහිරම සොයා මමත් යනවා නොඑන්නම අද නුඹෙන් වෙන්වී නෙත් පියා #සුහාරා

අළුත් වීම

‍රණ්ඩු කල නූල් එකිනෙකාගෙන් ඈත් වුණ කර වටේ ඩා බිංදු එක්ක දූවිලි ලගින අතේ වැලමිට හරියෙ යන්තමට මඩ ඉහුණ මමයි කමිසය පරණ අවුරුද්දෙ ඈත් වුණ තාත්තට පෙන්නුවා ගෙනත් සතුටින් මාව අම්ම හිටියේ නැතත් තාම මතකයි ඈව ඇඟ වටේ ඔතාගෙන සුවඳ බැලුවා මාව වාවගනු බෑ අලුත් කමිසෙ දැං උඹ ගාව #සුහාරා

මකුළුවෙකුගේ පැමිණිල්ල

දිවා රෑ හිමිදිරිය නොබලා වියූ වියමන ඉත සිතින් අතැර බැහැරක යම් කෙසේ මම එයම නිවහන වූ හෙයින් කිසිම කහටක් නැති නමුත් මැසි මදුරුවන් හා මා සිතින් පටළැවෙයි ඒ ජඩ රැළම විත් මකුළු දැල වෙත පොදි පිටින් #සුහාරා