හිල් වුන ජීවිත

මහ මහ තමයි දැම්මේ දැං මාස දෙකක්
සල්ලිත් අතේ තිබුණා වගෙ වේවි මතක්
දැම්මොත් වැහෙන්නට මේකට අද මැහුමක්
කෙල්ලට මදි වේවි කෑමට එක වේළක්

මහගෙත් කියනවා මහමුලු ඇඟිළි වහං
හීතල වදිනවලු කකුලට මේම ගිහිං
සාගත කාලෙ වගෙ ගෙදරම ගිණ්නෙ තියං
කෝමද හැඩ වෙන්නෙ මම තේරුම් කරපං

කෙල්ලගෙ බර මදිලු වාහෙත් කෝටු ගහක්
දොස්තර කිව්වෙ දෙන්නලු ඉස්පැෂල් කිරක්
ඒකට එකතු කල කාසිම ඇති අහුරක්
ඔන්නොහෙ දාමු මේ විදිහට තව සතියක්

#සුහාරා

Leave a comment