ආයෙමත් එනවද

සමු දෙන අය අතර සමු නොදෙන්නෝ එමටය නැවත හමු වෙන බවට පොරොන්දුද උගහටය… මල් මාල නොදැම්මට මිය ගියැත්තෝ අවට ය අළු බඳුන විසිරුවද හුස්ම ගත්තෝ එමටය… පෙට්ටියට කර තිව් උදවියද අමතක කර තුන් මස අගිස්සේ දන් දී බණ අහවර කලද… පංසල් බෝධියේ අළුතෙන් දළු දමා ආපු ලෙසටම තාත්තේ හැකිනං ආයෙමත් එනවද… #සුහාරා

මතක පට

ඉරක් නගින තෙක් පේ වෙන නෙළුම් මලක් වගේමැයි දිනක් නෑර නුඹේ නමින් කවි ගී පද ගෙතෙන්නැයි මතක් වෙනා වරක මහා මෙරක රසක් තිබෙන්නැයි පිරිතක් සේ නුඹේ වුවන ම හදෙ නිබඳ රැඳෙන්නැයි #සුහාරා