#Flood_2017

ජීවිතේ කොච්චර ගංවතුර සම්බන්ධ අත්දැකීම් තිබුණත් ගං වතුරකට බැස්ස පළවෙනි දවස අද… ගඟ තමන්ගෙ සොඳුරු බව ඒ විදිහටම මහ පාර මැදට ගෙනල්ලා… ටෝච් එක ගහලා වතුරට යටින් තාර පාරෙ අපේ කකුල් දකිනකොට එන ෆීලිං එක අමුතු උනාට වතුරෙ බැහැගෙන යන්න බැරුව මග නැවතිලා ඉන්න පොඩි ළමයි වඩාගත්තු අම්මලා දකිනකොට ඒ ෆීලිං එක ලත් තැනම ලොප්…

යන්න කලින් ඉන්න තැන

යුද්ධෙ කාලෙ මැරිච්ච දහස් ගාණක් සෙනගට… සුනාමියෙන් බැට කාපු අදටත් නම් නොදන්නා පිරිසට… ගං වතුර, නාය යෑම් වලිං නන්නත්තාර වෙච්ච ජීවිත වලට… කට ඇරල පව් නොකියපු… සීනි සීයක් ලිස්ට් එකට නොලියපු… සමහරක් උන්… ගෙදර එකෙක් මැරුණම… ලක්ෂරිම පෙට්ටියට… ලස්සනම මල් වඩමට… අත දිගෑරල වියදම් කරන්නෙ… කාට තරාතිරම පෙන්නන්නද… උඹලත් උඩට ගියාම… උඩ ඉන්න උන්… හිනා…

මානුශීය මෙහෙයුමේ කතාව

නැගෙනහිර සටන ආරම්භයේදී මා විසින් ලියන ලද්දකි. එවකට පාසල් වියේ සිටි මා රූපවාහිනියේ විකාශය වූ වන්නි මෙහෙයුම් නැරඹූ සෑම රැයකම නින්දට ගියේ කඳුලු පුරවාගත් දෑසිනි. කිසි දාක දැක නැති, නන්නාඳුනන අප වෙනුවෙන් උපන් දා සිට ළඟ උන්, තමන්ගේම උන්ට කඳුලු දෙන්නට හිත හදාගත් අපේම විරුවන් වෙනුවෙන් නොසැලෙන කඳුළකින් ඵලක් නැති බව මට එකලද හැඟී ගොස්…

සාසනයේ සිරිසේන

පළතුරු වට්ටියට හිත ඇති මල් වත්තේ රණවිරු දඩයමට නාවත් මල් වත්තේ කොල අලි නාවන්න බේසම ඉස් මත්තේ රටටම විණ කටින සාපය මල්වත්තේ හමුදා පොලිසියට අලි කොටි ගහනකොට ඇස් කන් පියාගෙන උන්නා සීරුවට උතුරෙන් නැගෙන විට කොටි ඡායා අවට නළුවෙකි සහය දෙන හම්බයො කෝලමට පොඩි පොඩි මිනිස්සුන්ගේ දානයම කකා ආවම ළඟට පොඩි මිනිහව හපන යකා කිසිවක්…

කෝප වූ ගංගා

දින කීපෙකට පෙර මා හා සිනා වී තිබුණා ගිය ගමනෙ රහසක් මුවා වී දැන උන්නනම් කෝපය නුඹෙ ප්‍රියාවී හැංගෙන්නේම නෑ පසුපස වළාවී ඇගෙ සළු පොටේ නෑ නුඹෙ තරමට සිහිලක් නුඹ මත තැවරෙද්දි උදයේ වගෙ මිහිරක් දෙගොඩමතලා යද්දී ආලය සැපතක් කෝපය පෙන්වන්න සොඳුරියෙ මට විතරක් මව් පිය දරු කැලත සී සී කඩ වෙන්න උන් කල වරද…

වෙනඩ රැඩිකල් ගොංකම්

සිංහලයා දෙමළව මරපු දවසේ අපි ජාතික කොඩිය උස්සන්නෑ කියල ලොරි ටෝක්ස් දෙන අයටයි… ජාතික කොඩිය දිහා හොඳින් බලාපල්ලා… දෙමළ මුස්ලිම් දෙවර්ගයම සිංහල අපි එක්කම නියෝජනය වෙන ලස්සන… සටන තිබුණෙ සිංහල දෙමළ අතරෙ නෙවෙයි. ත්‍රස්ථවාදයයි ත්‍රස්ථවාදයට අකමැති අයයි අතරෙ. මොන අම්මද කැමති තමන්ගෙ මනුස්සය අතින් තමන්ගෙ ගෑණු දරුවා ගර්භිනියක් වෙනව දකින්න? කොටි උස්සන් යන එක නවත්තන්න…

කූඩු වෙන්ට පෙර හීතල

වැස්සක් වැටෙනවා හීතල ගෙපැළ වට ගව්වක් එහා වුව නෑ මතකෙන් එපිට හිරිගඩු පිපෙනවා දෑඟිලි වදින විට හයියක් තවත් නෑ ඉවසාගෙන ඉන්ට වැහි දෙවියනේ කොතැනක හෝ වැඩ ඉන්න දැන්වත් තිතක් තියපං ඔය සෙල්ලමට වහළය බඳින්නට නුදුරුයි ගෙපැළකට උතුරා යන්න වස්සාපන් ඒ යමට #සුහාරා

තුරුල් කරන් පිහි ඇණුම්

ලියන්නට උඹව… පන්හිඳට මගෙ… ආරාධනා කලෙත්… උඹමයි… ලිව්වාට පස්සෙන් පහු… අකුරු කැත නිසා මගෙ… කවිය රැඳි කොළ පොඩිය… කුණු කූඩෙට දැම්මෙත්.. උඹමයි… #සුහාරා

මස්සිනාගෙ වස්තුව

තුවායක් අතිනරන් ගෙන් පිටට ඇදෙන්නේ පනිට්ටුවකුත් අරන් ළිඳට පිය මනින්නේ රන්මලී දුටු කලක් නෑ හිතට නැගෙන්නේ අදත් නාවොත් ඉතිං මං මොකද කරන්නේ කිරි කලෙන් නාවලා කහ දියර ලා වගෙයි හුරතල්ම ඒ මුහුණ දකිනකොට හරි අගෙයි ඇඳපු දිය රෙදි පොඩිය පිං කලාදෝ හැඟෙයි දියෙන් තෙමුණම ඈව හිරි ඔතප් මගෙ බිඳෙයි සංසාරෙක ඉඳන් පැතුවද දන්නෑනේ එහෙනම් ඉතින්…

අමතක කරපු සාත්තුව

දැකල තියනවද තඩි ඉන්න ඔලු? තඩි ඉන්න ඔලුවල කෙස් හරිම නිරෝගීයි කියන කතාව වැඩිහිටියො කියනවා අහල තියනවද? ඒ කතාව සහතික ඇත්ත. අහල විතරක් නෙවෙයි ඇහින්ම දැකල ඔලුවෙන් අත්විඳපු අයත් දහස් ගාණක් ඉන්නවා. නමුත් කවුරුවත් හිතුවද ඇයි එච්චර කරදරකාර සතෙක් ඉන්න තැනක කෙස් මෙච්චර නිරෝගී කියල ? ඒක හරිම සුළු දෙයක් ..! තඩි හුඟක් ගැවසෙන ඔලුවක්…

උණු සිහින

සිහිතල උනනවා හෙමිහිට ළය මත්තේ ගෙට වී මග බලමි ඇයි හිමි තව නැත්තේ හිරිකඩ පනිනකොට වහළෙන් එළිපත්තේ නුඹ උන්නනම් මධුසමයකි ඇඳ මත්තේ ආලය ගලනවා රන් කඳ සිහි වීලා මාලය වගේ දෑතට මගෙ ගෙල දීලා දෝරය ගලන දහඩිය ටික පිස දාලා කාලය යවනවා පපුවට හිස දීලා පාවෙන වළාකුල් හෙමිහිට නැමීයන් හිරි පොද වැස්ස තාලයකට මැකීයන් හිමි…