එන්න

පළා යන හිතිවිල්ලෙ නුඹව අමුණලා මම අළුයමින් අවදි වෙමි පැන යන්න නුඹ එක්ක හඹා යන ඒ හුලඟෙ දැවෙන ගින්දර තිබුණු බව නොදැන මා අතින් ඉහිරුණා පුළුන් රොද පිච්චිලා යන තැනදි නාඬා ඇඬුවා මතකද බැගෑපත් වෙන්න තරමට ආදරේ මගෙ හෑල්ලුද නුඹට යන්න යනවා නම් වෙන මගක එන්න පළමුව මගෙ තුරුල්ලට අන්න ඇති නිසසලව සදහට බොරැල්ලේ පස්…

ඉරිසියා තොල්

පාත මාළේ ගිගිරි තාලෙට නිල් ගොයම් සැළෙනා රඟේ මෑත මොහොතක කරලු මාලේ නොගැලවෙනවානම් අගේ සීත යාමෙට වැහි පොදක් වී හමාරයි ඩා බිඳු ඇගේ හස පොවුන් වෙත ඇදෙන මුව දැක බල දෙතොල් පොපියන රඟේ #සුහාරා

අවධානමට පෙර ‘අවධානය’

මගේ හිටපු බොස් කෙනෙක් ඉස් ඉස්සෙල්ලම මට කියල දීපු දෙයක් තමයි ක්ලයන්ට් කෙනෙක්ව ඇද බැඳ තබාගන්න ප්‍රතිචාර දක්වන්න ගන්න කාලසීමාව සෑහෙන වැදගත් කියල. ඒ මනුස්සයා දෙයක් කිව්වහම ඒක අපිට තේරෙන දෙයක් නං ඒක එතනින් එහාට අරන් යන එකත්, නොතේරෙන දෙයක් නං මටසිළුටු විදිහට තේරුම් බේරුම් කරල ගන්න එකත් ඉක්මණින් ප්‍රතිචාර දැක්වීම තරන්ම වැදගත්. ප්‍රතිචාර දැක්වීම…

චින්තන දරිද්‍රතාවය

අපි පුරුදු වෙලාම ඉන්නෙ පිරිමින්ගෙන් අනතුරක් වෙයි කියල ගෑණුන්ව හය හත වෙද්දි බලෙන් හරි ගහල මරල හරි ගෙට කරගන්න විතරයි… ඒ වෙනුවට ගෑණුන්ට කරදර නොකර ඉන්න පොඩි කාලෙ ඉඳලම පිරිමි දරුවන්ට ඉගැන්නුවනං කොච්චර වටිනවද. දවල් රෑ උදේ කියල වෙනසක් නැතුව කරන්න පුළුවන් හැම නොපනත් වැඩේම කරන පිරිමියා තමයි අද ගෑණුන්ව කොටු කරල තියාගන්න උත්සාහ කරන්නෙ….

මෙහෙමත් වේවි

අංකූරයක් හිතේ කොයිබ හෝ දළු දාවි රැල්ලක් මැදින් කැරැල්ලක් වගේ නැග ඒවි බැඳෙනදා දම්වැලේ පුරුක් එකිනෙක වේවි වළලන්නෙ කොයිබ මුල් එතනිනුත් දළු දාවි හිතේ හයියට මාලිගා බිත්ති හෙලවේවි ගතේ දාඩිය බිංදු මහ ගලුත් පොඟවාවි ගලා ගංගා යන්න අප රුහිරු එක් වේවි දඟ ගෙයට ගිණි ලන්න දවසකුත් මට ඒවි #සුහාරා

රස දන්නෙ

කද බැන්දෙ පෙම් පොකුරු හෙටත් මගෙ වෙන්නයි වද වින්දෙ ඔය අහංකාර හිත ගන්නයි ඔද බින්දෙ මගෙ පපුවෙ පිංකාර ඇස්මයි මකරන්දෙ රස දන්නෙ බඹර තුඩ විතරයි #සුහාරා

දුරට කැප ළඟ අකැප

​මුදුම ඔය බැල්මේ ලෙලෙන හිත හැල්මේ නොකීවට කැල්මේ දැනෙනවා ඇල්මේ ආදරෙන් දිලෙද්දී නුඹේ ඇස් මා ළඟම පැටලෙන්න හිතෙනවා නුරාවෙන් සියොළඟම වතාවක් බලා යළි ඉවත ලන මගෙ බැල්ම ආයෙමත් නුඹ ළඟට ඈඳ ගන්නේ කොහොම තොල් තෙමී නෑ තවම නුඹේ එක පහසකින් ආලවන්තයි නුඹත් නොදැනෙනව නෙවෙයි දැන් පාට කල හීන පොදි බැන්දෙ නෑ මම ඉතින් බලා හිඳ…

සාගරගෙ තුරුල

කිසි කෙනෙක් නොදන්නා ආදර කතාවක්… අපි දෙන්නා අතරේ ඇතත්… හුස්මගන්නා ඒ වෙලාවේ… ඔය තුරුල අකැපයිලු මට… මගෙ පතුල් සිපගන්න… හැම වෙලාවෙම නුඹට… මම දෙන එකම පොරොන්දුව… කවදාහරි දවසක… ඉර බහින්න මොහොතකට කලිං… මේ වාගෙ වෙලාවක… හතර දෙනෙකුගෙ කර පිටිං නාවත්… සාම්ප්‍රදායික භූමදානයට එපිටින්… උඹේ තුරුලට වෙනවමයි මම… #සුහාරා

නිදහස මුහුදටත් වඩා ලොකුයි

නිදහස කියන්නෙ මිනිස්සුන්ට හුස්ම වගේම අවශ්‍ය දෙයක්. ඒ නිසා තමයි සුද්දො යටත් කරගත්තට පස්සෙ නිදහස ඉල්ලලා කැරළි ගහන්න පවා ලංකාවෙ මිනිස්සු පෙළඹුණේ. මිනීමරු L.T.T.E නායකයට පරලෝ පවා සැපත්වෙන්න සිද්ධ උනේ. නිදහස ඉල්ලල කැරළි ගහන්න, හඬ නගන්න වෙන තත්ත්වයට ආව කියන්නෙ අනිත් කොණේ ඉන්න පුද්ගලයා හෝ පුද්ගලයන් එම කොණෙන් සදහටම ඉවත් වෙන්න කාලෙ හරි. ඔය න්‍යාය…

ඉරි තැළුණු කෙම්බිම

තිරයත් ගෙවිලා පහනත් නිවුණා අඳුරුයි ගේ පැල මා ඉන්නා යාය කළඹලා වැස්සත් වැටුණා හීතල මා ගත අඳුනන්නා හීන් සැරෙන් දැං මද නල හමනා සියොළඟ හිරිගඩු මගෙ පිපුණා ආදර ගීතයෙ පද අමුණන්නට සයනේ අවදිව මං උන්නා කිරුළට පිටු පා සළඹ අහුලලා රජ කම දුන්නා නුඹට හිතේ මුදුණෙ තබාගෙන හදවත් කන්දේ දාසිය වී මා තවම ඇතේ මා…

දන්නැද්ද ?

මම කවි ලියනවට උඹට සතුටු හිතුණට දන්නවද උඹ නොදන්න බව කවි ලියවෙන්නෙ දුකට බව ? #සුහාරා

භූකම්පා අනුකම්පා

නොනිදා පහන් කල රැයකුත් ගෙවාගෙන ඉරිදා පිරුවටය ඇඳ උඩ එළාගෙන ගුරුදා පතිවතේ පැහැයත් ලබාගෙන එන දා මමත් මැණිකකි උඩ බලාගෙන කඳු වැටියක්ම විලිලා වැදු වී ඇටයක් වාගේ තමයි උඹ දෙන සෙනෙහස් කැටයක් ආදර ගඟුල මදිවෙන තරමට පවසක් මට ඇත උඹට කීවා මතකද සැරයක් අල්ලපු ගෙදර මිනිහා නැති වුණ ගෑණී මාගල එළා ඒ මත වී විසුරාවී…