මතක

ඉහෙන පොද වැව් දිය තලේ සසල කරවන දිය වැලේ ලෙසින් සුසුමන් කලබලේ ළයෙන් පැන දුවනා වෙලේ කඩිති දිය වැල් සේ රඟයි තරුත් හඳ හාවට ගයයි අහස් ගැබ පොළොවට ඇදෙයි නුඹේ චුම්බනයට නැවෙයි කැබලි එක් කර හදවතේ තිබූ ලෙස යලි හදවතේ පාත් කර තැබු හඳවතේ ලවන් උණුහුම තව ඇතේ #සුහාරා Advertisements

සෙනේ සක්විති

මාල හතක් හද මැද තැනුවානෝ පාත මාලයේ හිත තැබුවානෝ කෝල මටම පෙම් කරන සිටානෝ ආල වඩන පෙම්බර ගිජිඳානෝ කමල මුව වට දැවට නැවතත් මවෙත විසි කල රජින්දා මැළව ගිය මුහුණතට එළියක් පාත් කල හිරු සමින්දා පිහිටි පුරවර ඉඳන් උඩහට පමා වී යන නිරින්දා උදේ ඇස් හැර බැලු ඇසිල්ලේ ළමැද පිරිමැදි බිළින්දා #සුහාරා

අගක් නැති විසඳුම

සංසාරගත පුරුද්දකට වගේ ඩිපාචර් එකකට එයාපෝට් ගියොත් මට වෙන්නේම මගහැරීම්‍මය, කල්පනා කරන්න දේවල්මය, බාධාය. එක්කෝ මගදී පොලීසියට අහු වෙයි. නැතිනම් ට්‍රැෆික් ය. සියල්ල සාමකාමීව එයාපෝට් එක දක්වා යාගත්තොත් අඩුමගානේ මම බලන්න යන එකා චෙක් ඉන් වී ඉවරය. කොටින්ම එයාපෝට් යාමම ඛේදාන්තයකි. හදිසියෙන් යහළුවෙකුට සමු දීමට ගුවන් තොටුපොළට ගිය මට ඇතුළට යාමට නොහැක. එන්ට්‍රන්ස් එකේ ඇඟ…

අපතේ ගිය රජ කම

කිඹුලගෙ දත් ඇන්ද මැදලා හිමිදිරියේ උරුලෑවගෙ සබන් ගෑවා ගලන දියේ ඉස්සව නහවලා යවලා වැලි කෙළියේ ආවා නෙළන්නට ඵල වැල කහඹිලියේ රිලවට ගහට යන්නට ඉණිමගක් තියයි රෙදි කූඩයක් වැස්සෙම වේළෙන්ට දමයි වවුලට සරම ඇන්දූවෙත් ඔහුම තමයි කල වැඩ ගොඩට මහ දාඩිය වැලක් ගලයි කුඹුරේ අස්වැන්න කපලා ගත්තු කලේ පඹයව යවා නාගන්නට පහළ ඇළේ හරි මැද හිටගනී…

යළිත් ලත් ජීවිතේ

යුගත් දිලි දිලි හඬපු තරුවක් නෙළුම් විලකට පැන නිවෙන්නේ එයින් මුකුළිත අඹරෙ පැහැයට ගිමන් සනහන හඳක් එන්නේ මදින් මද හිනැහෙන්න හුරු කල නුබෙන් සෙනෙහස හුස්ම ගන්නේ ගැබෙන් මියැදුණ එළි ඇබින්දට සඳෙන් අහුරක් හුස්ම දුන්නේ #සුහාරා

රැක දෙන් මනාළී අපේ

සමගින් හිමි සඳුන් මධුසමයට යන්නා විලසින් කෝල කමකින් ඈ ඉපිළෙන්නා බවකින් පිවිතුරුම මන්මත් කරවන්නා දෙවියන් මනාළී දුන්හිඳ රැක දෙන්නා #සුහාරා

ඒකමද ?

වෙරළ පුරා පෙරළෙනකොට මුහුදු රැළි වලට දැනෙන දේ… ඉර එළිය හැරිල යනකොට නෙළුමකට හැඟෙන දේ… ග්‍රීෂ්මෙදි වහිනකොට පොළොවට ලැබෙන දේ… ආදරේ වෙන්නෝනෙ මටත් මේ හිතෙන දේ… #සුහාරා

සෙනෙහසේ කව

පාලම් දිය කඩිති පන්නා යන ගමනේ ගං දිය මුණගැහී වරුවක් දොඩවමිනේ ඉන්නා විටදි දිවගට පවසක් පැමිණේ ගංගා ඉඳුල් විය දෙතොලින් මගෙ හෙවණේ ඉඩ ඇතිවේද ගෙයි ගංගා කැන්දන්න සිහිලස කතරකට දුන් ණය ගෙවලා ඉන්න හැකිනම් ගං දියේ මා සමගින් ඉන්න නැතිනම් දෙන්න අවසර උල්පත වෙන්න මුහුදක් නොදන්නා සොයමින් ගිය ගමනේ පොදියක් ලදිම් පාවෙන ගං දිය මතිනේ…

අවලංගු ජීවිතයක එකම වලංගුව

වන්ඩියක් නැත එක ගෙයක් ඇත එයත් අම්මා නමටනේ… ජොබක් සෙට් වී නැතිව ගොස් ඇත බොසා බට කොළ කැව්වනේ… ලෙක්චරේ කට් නොකර ඉඳලත් දෙවියනේ මම ෆේල්නේ… නෑණගේ ජංගමේ දුක දැං කොයි වෙලාවෙත් බිසීනේ… අප්ප මළ දා අම්ම කිව්වලු කුඩප්පෙක් නෑ ගෙනෙන්නේ… කුඩප්පල ගෙන ආපු කපුවොත් කුඩෙන් ගුටි කා දිව්වනේ… හැට්ට රෙදි මහ මහා කර ගැට එද්දි…

භයංකර උදව්කාරයා

කාලෙකට කලිං මම පණ දෙවනි කරල ජොබ් එකට ආදරේ කරපු කාලෙ මගෙ පුරුද්දක් තිබුණා කුඩේ, දවල් කෑම එක, ෆෝන් එක වගේ ‘අනවශ්‍ය’ දේවල් ගෙදර දාල වැඩට යන. ඒ කාලෙ ලෝකෙ පෙරළුණත් ජොබ් එකට තමයි මුල් තැන. වැටිල වැටිල කලුවරටත් මහංසි දැනෙනකොට තමයි මට ඔෆිස් එකෙන් එළියට එන්න මතක්වෙන්නෙ. 2015 අවුරුද්දෙ ඒ වගේ දවසක ඔන්න ඉතිං…

ඒකාධිපති ආදරවන්තයා

“කවුද අර වොලිබෝල් කෝට් එක ළඟදි අද උදේ ඔය ළමය එක්ක කතා කලා කියන කොල්ලා?” ඔය කියන වෙලාවේ තාත්තා හිටියේ දිස්ත්‍රික්කයෙනුත් පිට ය. තාත්තට නිව්ස් වදින්නේ අකුණකටත් වඩා වේගයෙනි. ඔක්කොටම වඩා හපං කතාව ඔය කියන්නේ කොයි කොල්ලා ගැනදැයි මට නිනව් නැත. වොලිබෝල් කෝට් ඇත්තේ එකකි. නමුත් උපන් ගමේ යහළුවන් ගොඩකි. “තාත්තෙ ළමයි කීපදෙනෙක්ම කතා කලා….

දිනීම

ජූලි පළවෙනිදා විහාරමහාදේවි පාක් එකේ වාඩි වෙලා පාඩමක් කර කර ඉන්නකොට මගේ ඉස්සරහට එනව මනුස්සයෙක්. මෙයාගෙ අතේ පොත් වගයක් තියනවා. මම දැක්කගමන් හිතුවෙ මේකා මේ කපල් එකක් කියල හිතල මොනවහරි විකුණලා සල්ලි කඩාගන්න එකෙක් වෙන්න ඇති කියලයි. මමයි මම උගන්න උගන්න හිටපු ළමයයි අල්ලගෙන කොහොම කොහොම හරි මේ මනුස්සයා එයාගෙ ප්‍රසන්ටේෂන් එක කලා කියමුකෝ. 9…