2016 දී හෘදසාක්ෂිය

මීට අවුරුදු හතකට විතර කලිං දවසක කොට්ටාව කිට්ටුව තියන හංදියක හාඩ්වෙයා එකක් ළඟ තාත්ත බයික් එක නැවැත්තුව. උදේ වැඩබිමට ආපු සිමෙන්ති ලෝඩ් එකේ මදි පාඩු ඕඩර් කරන්න බාසුන්නැහැලව නොයව මාවත් අරගෙන හංදියට ගියේ තාත්තටත් අම්ම වැඩ ඇරිල එනකන් ගෙදරට වෙලා ඉන්න කම්මැළි හින්ද වෙන්නැති. ඕලෙවල් ඉවර කරපු අලුත ආත බූත නැතුව හිටපු මමත් තාත්ත අඬගහන්නෙ…

පාර කියන පාර

මම ජීවිතේ මුලින්ම ජොබ් එක කරපු තැන චෙයාමන්ගෙ පෞද්ගලික ලේකම් හරි අරපිරිමැස්මෙන් අඳින පළඳින කෙනෙක්. ලේන්සුවකින් ගවුම් දෙකක් මහන මට්ටමේ පිරිමැස්මක් තමයි එයාගෙ තිබුණෙ. කොටින්ම කිව්වොත් මුලු ඔෆිස් එකේම අය එයාගෙ කැරම් බෝඩ් එකක් වගේ තිබුණ ඇඟේ නොදැකපු තැනක් තියනවනං ඒ චෙයාමන්ට වෙන් වෙලා තිබුණ තැන විතරයි. කොච්චර ලේටස්ට් ෆැෂන්ස් ඇන්දා පැලැන්දත්, කොයිතරම් බ්‍රෑන්ඩඩ් මේක්…

CCTV අවශ්‍ය නැත

මම දත්වත් නොමැද එළියට බසින්නේ දත් මද්දවන්නට අම්මාව හොයාගෙනය. අම්මා වවා ඇති මල් ගස්වල මල් කඩාගෙන යාමට පැමිණි ඇන්ටියෙකි… මල් කැඩීමට එන ඇය තවත් බොහෝ දෑ එකතු කරගෙන යන බව පළාතටම නොරහසකි. ඊයේ පළාතට අලුතෙන් පත් වී පැමිණි පොලිස් නිලධාරියාගේ බිරිඳගේ අනියම් සැමියාගේ මවගේ නම පවා කීමේ හැකියාව ඇයට ඇත. සෑම උදෑසනකම ගෙන් ගෙට ඇවිද…

අගක් නැති විසඳුම

සංසාරගත පුරුද්දකට වගේ ඩිපාචර් එකකට එයාපෝට් ගියොත් මට වෙන්නේම මගහැරීම්‍මය, කල්පනා කරන්න දේවල්මය, බාධාය. එක්කෝ මගදී පොලීසියට අහු වෙයි. නැතිනම් ට්‍රැෆික් ය. සියල්ල සාමකාමීව එයාපෝට් එක දක්වා යාගත්තොත් අඩුමගානේ මම බලන්න යන එකා චෙක් ඉන් වී ඉවරය. කොටින්ම එයාපෝට් යාමම ඛේදාන්තයකි. හදිසියෙන් යහළුවෙකුට සමු දීමට ගුවන් තොටුපොළට ගිය මට ඇතුළට යාමට නොහැක. එන්ට්‍රන්ස් එකේ ඇඟ…

භයංකර උදව්කාරයා

කාලෙකට කලිං මම පණ දෙවනි කරල ජොබ් එකට ආදරේ කරපු කාලෙ මගෙ පුරුද්දක් තිබුණා කුඩේ, දවල් කෑම එක, ෆෝන් එක වගේ ‘අනවශ්‍ය’ දේවල් ගෙදර දාල වැඩට යන. ඒ කාලෙ ලෝකෙ පෙරළුණත් ජොබ් එකට තමයි මුල් තැන. වැටිල වැටිල කලුවරටත් මහංසි දැනෙනකොට තමයි මට ඔෆිස් එකෙන් එළියට එන්න මතක්වෙන්නෙ. 2015 අවුරුද්දෙ ඒ වගේ දවසක ඔන්න ඉතිං…

ඒකාධිපති ආදරවන්තයා

“කවුද අර වොලිබෝල් කෝට් එක ළඟදි අද උදේ ඔය ළමය එක්ක කතා කලා කියන කොල්ලා?” ඔය කියන වෙලාවේ තාත්තා හිටියේ දිස්ත්‍රික්කයෙනුත් පිට ය. තාත්තට නිව්ස් වදින්නේ අකුණකටත් වඩා වේගයෙනි. ඔක්කොටම වඩා හපං කතාව ඔය කියන්නේ කොයි කොල්ලා ගැනදැයි මට නිනව් නැත. වොලිබෝල් කෝට් ඇත්තේ එකකි. නමුත් උපන් ගමේ යහළුවන් ගොඩකි. “තාත්තෙ ළමයි කීපදෙනෙක්ම කතා කලා….

දිනීම

ජූලි පළවෙනිදා විහාරමහාදේවි පාක් එකේ වාඩි වෙලා පාඩමක් කර කර ඉන්නකොට මගේ ඉස්සරහට එනව මනුස්සයෙක්. මෙයාගෙ අතේ පොත් වගයක් තියනවා. මම දැක්කගමන් හිතුවෙ මේකා මේ කපල් එකක් කියල හිතල මොනවහරි විකුණලා සල්ලි කඩාගන්න එකෙක් වෙන්න ඇති කියලයි. මමයි මම උගන්න උගන්න හිටපු ළමයයි අල්ලගෙන කොහොම කොහොම හරි මේ මනුස්සයා එයාගෙ ප්‍රසන්ටේෂන් එක කලා කියමුකෝ. 9…

ආදායම් පරීක්ෂාව

කඩුවෙල මහ නගර සභාවේ අතුරුගිරිය ශාඛාවේ ආදායම් පරීක්ෂකවරු සුපරීක්ෂාකාරී ලෙස රාජකාරියේ යෙදෙනු අද මගේ නෙත ගැටිණ. මහත් ආයාසයෙන් නාසයේ ඇඟිලි ගසමින්, ඇතුළේ ඇති අය වැය එළියට ගෙන අඹරා රෝල් කර වටේටම විදිමින්, හරි තැනට ආදායම වැටෙනවාදැයි ඔලුව උස්සා බලමින් තදබල ලෙස ආදායම් පරීක්ෂණයේ යෙදෙන දසුන ආණ්ඩුවේ කාර්‍යයාලයකින් වැඩක් කරගැනීමට ගිය මගේ නෙතට ‍රසඳුනක්ම විය. වයස…

අර්ධ මනුෂ්‍යයාගේ පූර්ණ ආධ්‍යාත්මය

2015 ජූනි 15 ​අද 2010 පැයටත් මම නවගමුව පංසලේ බෝ ගහ යට අම්මලා එනකන් තනියම. පනාගොඩ කෑම්ප් එකේ අයියල වගයක් බෝ මළුවෙ වඳින්න ඇවිලා. Light Infantry කියල ගහපු ලස්සන සුදු ටී ෂර්ට්ස් ටිකක් එහෙම ඇඳන් හිටපු එයාලගෙ වයස උපරිම 32ට කිට්ටු ඇති. මල් පූජා කරලා ආපස්සට හැරෙද්දි මම දැක්කා ටිකක් ලස්සන සුදු අයියා කෙනෙක්. සාමාන්‍ය…

#Flood_2017

ජීවිතේ කොච්චර ගංවතුර සම්බන්ධ අත්දැකීම් තිබුණත් ගං වතුරකට බැස්ස පළවෙනි දවස අද… ගඟ තමන්ගෙ සොඳුරු බව ඒ විදිහටම මහ පාර මැදට ගෙනල්ලා… ටෝච් එක ගහලා වතුරට යටින් තාර පාරෙ අපේ කකුල් දකිනකොට එන ෆීලිං එක අමුතු උනාට වතුරෙ බැහැගෙන යන්න බැරුව මග නැවතිලා ඉන්න පොඩි ළමයි වඩාගත්තු අම්මලා දකිනකොට ඒ ෆීලිං එක ලත් තැනම ලොප්…

අමතක කරපු සාත්තුව

දැකල තියනවද තඩි ඉන්න ඔලු? තඩි ඉන්න ඔලුවල කෙස් හරිම නිරෝගීයි කියන කතාව වැඩිහිටියො කියනවා අහල තියනවද? ඒ කතාව සහතික ඇත්ත. අහල විතරක් නෙවෙයි ඇහින්ම දැකල ඔලුවෙන් අත්විඳපු අයත් දහස් ගාණක් ඉන්නවා. නමුත් කවුරුවත් හිතුවද ඇයි එච්චර කරදරකාර සතෙක් ඉන්න තැනක කෙස් මෙච්චර නිරෝගී කියල ? ඒක හරිම සුළු දෙයක් ..! තඩි හුඟක් ගැවසෙන ඔලුවක්…

රට වැනසීම උදෙසා අනිත්‍යයේ විකෘතිය

අලුත්ම ට්‍රෙන්ඩ් එක බුදුහාමුදුරුවෝය. බුදුහාමුදුරුවන්ගේ බණ විකෘතිකරන සමන්තබඩ්ඩට නොදෙවෙනි ට්‍රෙන්ඩ් එකකි අතහැරීම. රට ගැන කතා කලෝතින්, බුදුහාමුදුරුවෝ දෙසා ඇත්තේ අත හරින්න යැයි කියයි. එහෙම කියනගමන් ලැබෙනවාට වඩා සල්ලි හොයන්න ඕනෑය කියා පිට රටවල වේකන්සිද සොයයි. තව අවුරුදු සීයකින් අපි නැත, එබැවින් මේ රට අපට අයිති නොවේ යැයි කියයි. දුටුගැමුණුලා පරාක්‍රමබාහුලා එසේ සිතුවානම් අද අපි කොහෙද?…