Rapid Reaction

පරණ අවුරුද්දෙ වස් දොස් ඔක්කොමත් එක්ක දත්වල හිරි ටිකත් යවාගන්න අද උදැහැනැක්කෙම මට අවස්ථාවක් උදා උනා. බස් එකේ මම වාඩි වෙලා හිටපු සීට් එකට වයස 40ක විතර මනුස්සයෙක් ඇවිත් වාඩි උනා, ඔඩොක්කුවෙ චූටි දුවෙකුත් එක්ක. ඊට එහා සීට් එකේ නෝනා මහත්තයා අනිත් දුවත් තියාගෙන වාඩි වෙලා. මගදි නෝනා දරුවො දෙන්නත් අරං බැහැල ගියාට පස්සෙ උන්දැ…

අම්මෙකුට පුළුවන්…

ඊයෙ දවාලෙ ඉස්කෝලෙ ඇරෙන වෙලාවට මම ගමනක් යන්න කියල ත්‍රීවිල් එකකට නැග්ගා. කන් දෙකේ වයර් දෙකත් ගහගෙන, වටේ ඉන්න පොලිස් මාමිලා, ආමි මාමිලා, නේවි සහ එයාෆෝස් මාමිලා දිහා බල බල, කොල්ලො ඇවිද්දන බල්ලො දිහා බල බල දිගටම යනකොට මම ආසම කරන හරියක ට්‍රැෆික් එකකට මාව අහු උනා.   මමත් ඉතිං අවධානය ෆේස්බුක් එකෙන් අරගෙන වටාපිටාවට…

පිං පොලිස්

අවුරුදු 25කට කලිං අපේ ගෙදරට අට දෙනෙකුගෙන් සමන්විත හොරු කාණ්ඩයක් පනිනව. හරියටම අලුත් අවුරුද්ද කිට්ටු කරල ආපු මේ කාණ්ඩෙ රත්තරං බඩු විතරක් නෙවෙයි අලුත් අවුරුද්දට ගෙනල්ල තිබ්බ ඇඳුම් වල ඉඳල බේසම් කෝප්ප පවා අරගෙන යනව. එදා කහතුඩුව පොලිසියට පැමිණිල්ල අරගෙන ගියාම අපේ සීයට ලැබෙන උත්තරේ තමයි, “හොරා අල්ලගෙන ආවනං අපිට පැමිණිල්ල ලියන්න තිබුණා. කව්ද කියල…