පැතුම් රැළි

ගොඩට ගලනා මුහුදු රැල්ලත් සලිත වී ගැඹුරට ඇදෙයි සුසුම් වියැකුණ කදෝපැණියොත් එළිය විහිදා යළි රඟයි සිසිල් වී මිදවෙන්ට ගිය කිරි භාජනෙත් දුම් පිට කරයි උඹෙ යොවුන් පණ ගැහෙන තාලෙට සිගිරි සිතුවම් පරාදයි තරු සියක් අහසෙන් වැටෙනවා දුටු එවුන් ලොව බෝ ඇතේ නමුත් තරුවක් පොළොව මත දුටු එකෙක්වත් හමු වී නැතේ කඩා වැටෙනා සෑම තරුවම මූදු…

සුනාමිය (අ)මතක

පොඩි එවුන් නළවන්න ගෙනත් දුන් මුතු පබළු සුරංගන කතා වල එච්චරම නොවුණු රළු හැමදාම උඹට පෙම් බැන්ද හිත් අහසෙ කලු මකන්නට බෑ අදත් හඬන්නට මදි කඳුළු දාස් ගාණක් මගේ උන්ව උඹ හට බිළියි ඒත් පළිගන්න මගෙ හිතට හරි හරි මදියි එදා උඹෙ තුරුලෙ පණ ඇදපු උන් යළි මැවෙයි දන්නවද උඹෙ වතුර උන්ගෙ කඳුළැලි රහයි කොතෙක්…

කට්ට ස්වාමි

මන්දක් ළඟඳි වගෙ මීමින්නෙකු ගැහෙන කන්දකි සරමෙ වෙනදා වාගෙම නැගුන කෙන්දක් පළුදු වී වාහෙට බැණ වැදුන නින්දකි පවට ලැබුණේ හිස් අත යන්න අද නං චාටුවෙන් කරලා බහක් දෙකක් හංගා තිසර පොට වැටෙනා තෙක් එළියක් බන්දා කෙළිමි සිත් සේ හොඳ රති කෙළියක් ඉවසා ඉන්න වෙයි අල්ලන සේ ගොදුරක් ගෑණිත් මගෙ තමයි ගෙදරත් මගේ තමයි දරුවොත් මගෙ…

අකැප බැමි

නළල මත රැඳි පළමු සමරුව මකාලන්නට ඉඩ දෙමින් හිරිකඩට වෙනදා අවදිවුණු හැඟුම් අද ඇත නිදිමතින් සසරෙ සුපුරුදු ඇඟිළි පැටළුම සිහිනයෙන් යළි අමුණමින් ඉණ වටා නුඹෙ දෑත නැති අද මගෙ හිතම වැලිකඩ ගිහින් #සුහාරා

ආදරය නම් කෑදරය වෙත

ආදරය ළඟ කෑදරය ඇත කෑදරය නම් ආදරය වෙත ආදරය නම් දුන් නමුත් හිත කෑදරය එහි පතුළෙ සැඟවෙත #සුහාරා

යැපෙන හිත

ඊයම් බරු ගණන් හිත මැද වළ දැමුව ඉවතට කෙළ පිඬක් ලෙස ලමි නුඹ හමුව දහසින් සිනා විකසිත නුඹෙ සොඳුරු මුව පවසයි මගේ හද තවමත් ගැහෙන බව #සුහාරා

පරාර්ථ

ඉණ වටා පටළැවුණු සුරතකින් කිතිකැවුණු ගමනාන්තය තෙක්ම නෙතට නෙත මුණගැසුණු ඒ සිනාවෙන් රුකුල් ගෙන හදේ අවදි වුණු මටත් තිබුණා සබඳ කලක් ආලෙන් වෙළුණු නුඹේ පෙම් කුරුල්ලා වැළඳගත්’යුරු නුඹට වඩා වැඩියෙන් දැනුණෙ ඇඟිලි වල පහස මට ඊයෙ අතැරුණු දීගෙ සාප දෙන විට අදට පතමි ආසිරි නුඹේ සදා නොනිමෙන පෙමට #සුහාරා

වසාලූ තැවුල්

පෙර දිනක රෑ හඳට කීකරු වෙමින් නිසලව දිය කඳක් ගලන්නට ගිය ගමන් නවතා එක තැනක නැවතුණි මදක් පාන්දර හිරු එන වෙලාවේ හඳෙන් කැබලිව ආ ගලක් නිදන් හිටි නිල් දිය තටාකෙට වැටී නැගුවා මහ හඬක් චන්ද්‍ර පාෂාණයකි ගිළුණේ නිසසලව හුන් දියවරේ ගිළුණු තැන් දිය කකාරා ආ රැළිත් රවුමට දිගහැරේ සුළං හා හැකි තරම් දුර ගිය ඇතැම්…

මතක

ඉහෙන පොද වැව් දිය තලේ සසල කරවන දිය වැලේ ලෙසින් සුසුමන් කලබලේ ළයෙන් පැන දුවනා වෙලේ කඩිති දිය වැල් සේ රඟයි තරුත් හඳ හාවට ගයයි අහස් ගැබ පොළොවට ඇදෙයි නුඹේ චුම්බනයට නැවෙයි කැබලි එක් කර හදවතේ තිබූ ලෙස යලි හදවතේ පාත් කර තැබු හඳවතේ ලවන් උණුහුම තව ඇතේ #සුහාරා

සෙනේ සක්විති

මාල හතක් හද මැද තැනුවානෝ පාත මාලයේ හිත තැබුවානෝ කෝල මටම පෙම් කරන සිටානෝ ආල වඩන පෙම්බර ගිජිඳානෝ කමල මුව වට දැවට නැවතත් මවෙත විසි කල රජින්දා මැළව ගිය මුහුණතට එළියක් පාත් කල හිරු සමින්දා පිහිටි පුරවර ඉඳන් උඩහට පමා වී යන නිරින්දා උදේ ඇස් හැර බැලු ඇසිල්ලේ ළමැද පිරිමැදි බිළින්දා #සුහාරා

අපතේ ගිය රජ කම

කිඹුලගෙ දත් ඇන්ද මැදලා හිමිදිරියේ උරුලෑවගෙ සබන් ගෑවා ගලන දියේ ඉස්සව නහවලා යවලා වැලි කෙළියේ ආවා නෙළන්නට ඵල වැල කහඹිලියේ රිලවට ගහට යන්නට ඉණිමගක් තියයි රෙදි කූඩයක් වැස්සෙම වේළෙන්ට දමයි වවුලට සරම ඇන්දූවෙත් ඔහුම තමයි කල වැඩ ගොඩට මහ දාඩිය වැලක් ගලයි කුඹුරේ අස්වැන්න කපලා ගත්තු කලේ පඹයව යවා නාගන්නට පහළ ඇළේ හරි මැද හිටගනී…

යළිත් ලත් ජීවිතේ

යුගත් දිලි දිලි හඬපු තරුවක් නෙළුම් විලකට පැන නිවෙන්නේ එයින් මුකුළිත අඹරෙ පැහැයට ගිමන් සනහන හඳක් එන්නේ මදින් මද හිනැහෙන්න හුරු කල නුබෙන් සෙනෙහස හුස්ම ගන්නේ ගැබෙන් මියැදුණ එළි ඇබින්දට සඳෙන් අහුරක් හුස්ම දුන්නේ #සුහාරා