කඩවසම්ම නුඹ

කෙටි කර කැපූ කෙස්වැටියෙ රැලි නැතුව… සුදු කමිසයේ දාරයක කුණු නැතුව… රළු හදවතින් රට පාවදෙන්නැතුව… සවියට තිබූ දෙබාහුව දන් දුන්න… කඩවසම්ද ඔබ කෙතරම්! #සුහාරා Advertisements

ජොබ් එක

පියුං ටිං ටිං ගානවා තාත්තට සැක හිතෙනවා කාමරෙන් මං දුවන් එනකොට ලියුම කැඩෙනව පේනවා… නෙරා ආ ඇස් රතු වෙනා තාත්තගෙ අත වෙව්ලනා උඩින් පල්ලෙන් කියූ ලියමන මේස රෙද්දට විසි වෙනා… කාටදැයි මං අහනවා බලාපං උඹ කියනවා හෙමින් සීරුවෙ ඇවිදගෙන විත් මගෙ ලියුම මං බලනවා… කවරෙ උඩ රත්තරන් පාටින් සීල් එක ඇත දියතලාවෙන් කෑම්ප් එක මතකයට…

අර්ධ මනුෂ්‍යයාගේ පූර්ණ ආධ්‍යාත්මය

2015 ජූනි 15 ​අද 2010 පැයටත් මම නවගමුව පංසලේ බෝ ගහ යට අම්මලා එනකන් තනියම. පනාගොඩ කෑම්ප් එකේ අයියල වගයක් බෝ මළුවෙ වඳින්න ඇවිලා. Light Infantry කියල ගහපු ලස්සන සුදු ටී ෂර්ට්ස් ටිකක් එහෙම ඇඳන් හිටපු එයාලගෙ වයස උපරිම 32ට කිට්ටු ඇති. මල් පූජා කරලා ආපස්සට හැරෙද්දි මම දැක්කා ටිකක් ලස්සන සුදු අයියා කෙනෙක්. සාමාන්‍ය…

යන්න කලින් ඉන්න තැන

යුද්ධෙ කාලෙ මැරිච්ච දහස් ගාණක් සෙනගට… සුනාමියෙන් බැට කාපු අදටත් නම් නොදන්නා පිරිසට… ගං වතුර, නාය යෑම් වලිං නන්නත්තාර වෙච්ච ජීවිත වලට… කට ඇරල පව් නොකියපු… සීනි සීයක් ලිස්ට් එකට නොලියපු… සමහරක් උන්… ගෙදර එකෙක් මැරුණම… ලක්ෂරිම පෙට්ටියට… ලස්සනම මල් වඩමට… අත දිගෑරල වියදම් කරන්නෙ… කාට තරාතිරම පෙන්නන්නද… උඹලත් උඩට ගියාම… උඩ ඉන්න උන්… හිනා…

මානුශීය මෙහෙයුමේ කතාව

නැගෙනහිර සටන ආරම්භයේදී මා විසින් ලියන ලද්දකි. එවකට පාසල් වියේ සිටි මා රූපවාහිනියේ විකාශය වූ වන්නි මෙහෙයුම් නැරඹූ සෑම රැයකම නින්දට ගියේ කඳුලු පුරවාගත් දෑසිනි. කිසි දාක දැක නැති, නන්නාඳුනන අප වෙනුවෙන් උපන් දා සිට ළඟ උන්, තමන්ගේම උන්ට කඳුලු දෙන්නට හිත හදාගත් අපේම විරුවන් වෙනුවෙන් නොසැලෙන කඳුළකින් ඵලක් නැති බව මට එකලද හැඟී ගොස්…

වෙනඩ රැඩිකල් ගොංකම්

සිංහලයා දෙමළව මරපු දවසේ අපි ජාතික කොඩිය උස්සන්නෑ කියල ලොරි ටෝක්ස් දෙන අයටයි… ජාතික කොඩිය දිහා හොඳින් බලාපල්ලා… දෙමළ මුස්ලිම් දෙවර්ගයම සිංහල අපි එක්කම නියෝජනය වෙන ලස්සන… සටන තිබුණෙ සිංහල දෙමළ අතරෙ නෙවෙයි. ත්‍රස්ථවාදයයි ත්‍රස්ථවාදයට අකමැති අයයි අතරෙ. මොන අම්මද කැමති තමන්ගෙ මනුස්සය අතින් තමන්ගෙ ගෑණු දරුවා ගර්භිනියක් වෙනව දකින්න? කොටි උස්සන් යන එක නවත්තන්න…

අමතක කරපු සාත්තුව

දැකල තියනවද තඩි ඉන්න ඔලු? තඩි ඉන්න ඔලුවල කෙස් හරිම නිරෝගීයි කියන කතාව වැඩිහිටියො කියනවා අහල තියනවද? ඒ කතාව සහතික ඇත්ත. අහල විතරක් නෙවෙයි ඇහින්ම දැකල ඔලුවෙන් අත්විඳපු අයත් දහස් ගාණක් ඉන්නවා. නමුත් කවුරුවත් හිතුවද ඇයි එච්චර කරදරකාර සතෙක් ඉන්න තැනක කෙස් මෙච්චර නිරෝගී කියල ? ඒක හරිම සුළු දෙයක් ..! තඩි හුඟක් ගැවසෙන ඔලුවක්…

රට වැනසීම උදෙසා අනිත්‍යයේ විකෘතිය

අලුත්ම ට්‍රෙන්ඩ් එක බුදුහාමුදුරුවෝය. බුදුහාමුදුරුවන්ගේ බණ විකෘතිකරන සමන්තබඩ්ඩට නොදෙවෙනි ට්‍රෙන්ඩ් එකකි අතහැරීම. රට ගැන කතා කලෝතින්, බුදුහාමුදුරුවෝ දෙසා ඇත්තේ අත හරින්න යැයි කියයි. එහෙම කියනගමන් ලැබෙනවාට වඩා සල්ලි හොයන්න ඕනෑය කියා පිට රටවල වේකන්සිද සොයයි. තව අවුරුදු සීයකින් අපි නැත, එබැවින් මේ රට අපට අයිති නොවේ යැයි කියයි. දුටුගැමුණුලා පරාක්‍රමබාහුලා එසේ සිතුවානම් අද අපි කොහෙද?…

සටන අවසන් නොවේ

අද ඉර එළිය බිම වැටෙන ඇසිල්ලේම අපි එකතුවෙලා වී කුරුල්ලො එකොළහකුයි ගිරා ජෝඩුවකුයි නිදහස් කලා. අපලෙකට නෙවෙයි. හිර කරන් ඉන්නවා බලන් ඉන්න බැරුව අපි දෙතුන්දෙනාගෙ පර්ස් එකේ අන්තිම රුපියල වෙනකන් කලෙක්ෂන් දාලා අරගෙන ඇවිත්. අපරාදෙ කියන්න බෑ මා එක්ක එවෙලෙ හිටියෙත් ඔය වගේ වැඩවලටම සැදී පැහැදීගෙන ඉන්න තුන්දෙනෙක්; අම්මයි, අක්කයි, යාළුවෙකුයි. මහ රෑ සත්තුන්ව වහල…

Sleeper Cells

නෑ මේ ඔයාලා හිතන දේ නෙවෙයි. ස්ලීපර් සෙල්ස් කියන්නෙ ත්‍රස්ථවාදීන් විසින් මරාගෙන මැරෙන හෝ තැන තැන බෝම්බ තියන්න යොදන එක ෆ්‍රී ලාන්සිං උපාංගයක්. ඒක ඔපරේට් වෙන්නෙ මෙහෙමයි… ඔයා ත්‍රස්තවාදියා කියල හිතන්න. ඔයාට ඇටෑක් කරන්න ඕනෙ නුවර දළදා මාළිගාවට. ඔයා තෝරගන්නවා දළදා මාළිගාව අවට හෝ නුවර පුරාවට ඉන්න අතිශය සාමාන්‍ය ජීවිත ගෙවන සිවිල් වැසියො සෙට් එකක්….

උන් වෙනුවෙන් අපි ඉන්නවද?

මීතොටමුල්ලෙ කුණු අදින රණවිරුවො දැක්කාම මට මතක් උනේ අරණායක…කොස්ගම සාලාව…අන්තිමටම මට මතක් උනේ තිස් අවුරුදු යුද්ධෙ… ඔය කියපුවා කිසිම දෙයක් මිනිස්සුන්ට ප්‍රිය උපදවන දේවල් නෙවෙයි. නමුත්, ඔය දේවල් අස්සෙ මැරිලා වැළලිලා හෝ වැළලිලා මැරිලා ගියෙත් මිනිස්සුමයි. නිසි පරිදි අවසන් ගෞරව දෙන්න අපි හැමෝම මිනී පෙට්ටි වටේ වට වෙලා හිටියත් ඒ මිනිස්සුන්ව ඒවයින් ගොඩට අරගන්න දෑත…

උඹව කන්නෙ කොහොමද ?

දවල් කෑ ඉඳුල් මම උඹට දෙනකොට… ආදරෙන් බලා ඉන්නවා… රජ බොජුනක් ලැබෙන ගාණට… නොකීවට උඹේ ඉරණම… දන්නවා ඇති උඹේ අම්මටත් උනේ ඕකම බව… බිලට් එක ගාවට… කළුවරේ එන ඕන සතෙකුට… බුරා හැලෙමින් එළව දැම්මට… වලිගෙ වනමින් සෙනේ පෑවට… අපට… ආදරේ කරන්නට…දරන්නට… අවසර නෑලු උඹට… ට්‍රේනිං එක අන්තිමේ අපි කැළෑවට යනකොට… අරං යන්නෙ උඹවලු ලැසියෝ… මමම…