විස වුණු පෙමක්

ඇහැට යන එන පාට තවරා
දිළෙන ලස්සන යමක ඔතලා
හිතාගන්නට බැරිම යාමෙක
මගේ දෑතට ගෙනත් දුන්නා…

සිනහසෙන මුව මඬල දැකලා
ආදරෙන් යැයි කියා හිතලා
හලාහල විස බව නොදැන මම
නුඹේ තිළිණයෙ සුවඳ වින්දා…

වැහැපු පොද වැහි බිංදු අකුළන්
යන්න යනවා හිතට දැණුනා
වැටීගෙන ආ බිංදු පිණි දිය
මගක් දුර විත් ඉරට නැසුණා…

හැමූ හුළඟත් නැවත හැරිලා
ආ දිහාවට යන්න යනවා
විස නොවුණු හිත විසට අවනත
හුස්මකට නිදහසක් දෙනවා…

#සුහාරා

Advertisements

Leave a Reply

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s