කෝප වූ ගංගා

දින කීපෙකට පෙර මා හා සිනා වී
තිබුණා ගිය ගමනෙ රහසක් මුවා වී
දැන උන්නනම් කෝපය නුඹෙ ප්‍රියාවී
හැංගෙන්නේම නෑ පසුපස වළාවී

ඇගෙ සළු පොටේ නෑ නුඹෙ තරමට සිහිලක්
නුඹ මත තැවරෙද්දි උදයේ වගෙ මිහිරක්
දෙගොඩමතලා යද්දී ආලය සැපතක්
කෝපය පෙන්වන්න සොඳුරියෙ මට විතරක්

මව් පිය දරු කැලත සී සී කඩ වෙන්න
උන් කල වරද කිම මට පවසා ඉන්න
ගිණිගෙන දැවෙන හදවත් සනසාලන්න
කොමළිය කැළණියේ දැං සන්සුන් වෙන්න

ආරෙට නොයා නුඹවත් අප දුක් දන්න
ගලනා දිය සුළිය ආපසු හරවන්න
කෑ මොර ගසන බිළිඳුගෙ කිරි බඩගින්න
අම්මට මිසක හැකි කාටද සනසන්න

පා වෙන දියට තුරුලුව ආ හිත මෙන්න
අත හැර නුඹව යනවාමයි දැං ඔන්න
දහසක් මිනිස් ජීවිත බෑ බිළි දෙන්න
නිල්වලා කෙල්ල කෝපය සිඳගන්න

#සුහාරා

Leave a comment