උන් වෙනුවෙන් අපි ඉන්නවද?

on

මීතොටමුල්ලෙ කුණු අදින රණවිරුවො දැක්කාම මට මතක් උනේ අරණායක…කොස්ගම සාලාව…අන්තිමටම මට මතක් උනේ තිස් අවුරුදු යුද්ධෙ…

ඔය කියපුවා කිසිම දෙයක් මිනිස්සුන්ට ප්‍රිය උපදවන දේවල් නෙවෙයි. නමුත්, ඔය දේවල් අස්සෙ මැරිලා වැළලිලා හෝ වැළලිලා මැරිලා ගියෙත් මිනිස්සුමයි. නිසි පරිදි අවසන් ගෞරව දෙන්න අපි හැමෝම මිනී පෙට්ටි වටේ වට වෙලා හිටියත් ඒ මිනිස්සුන්ව ඒවයින් ගොඩට අරගන්න දෑත දෙන්න ඒ කුණු ගොඩට බහින්න අපි දෙපාරක් හිතනවා.

ඒ අස්සෙ තමයි රණවිරුවො සිද්ධියට ඇතුල් වෙන්නෙ. ළතාවට ඇවිදගෙන නෙවෙයි; ඇවිල්ල නවත්තපු ට්‍රක්ස් වලින් පැනගෙන දුවගෙන.

කුණු වලටම යටවෙච්ච මිනීත් කුණු උනාට පස්සෙ ඒව එක්ක ගැවසෙන එක එච්චර ලස්සන අත්දැකීමක් නෙවෙයි. ගේක මීයෙක් කුණු උනහමත් අපි නාහෙ අකුළගෙන හැසිරෙන හැටි අපිට අමතක කරන්න බෑ. නමුත් මේ වැඩේදි අපේ කොල්ලො ස්ටෑන්ඩ්බයි ඉඳල ඉඳල නැවත නාය යාමේ අවධානමකුත් අරගෙන කුණු කඳුවල කිමිදෙන්න ගත්තෙ දියමන්ති හොයන්න නෙවෙයි. අපි දාපු කුණු වල දැනටමත් මැරිල ඉන්න මිනිස්සුන්ව ගොඩට අරන් අවසන් ගෞරව කරන්න අපිටම අවස්ථාව අරගෙන දෙන්න.
මේ කොල පාට ඇඳුම ඇඳගෙන මේ ගඳගහන කුණු ගොඩත් එක්ක හැප්පෙන කොල්ලො ගාව තියන සුවඳ කිසිම පර්ෆියුම් එකක් ගහලා ගන්න බෑ. මොකද ඒක තමයි ‘මනුස්සකමේ සුවඳ’.

නගර සභාවෙ කුණු ගෙනියන මිනිස්සුන්ටත් අපි ටිප් එකක් දෙනවා. අවුරුද්දට ෂර්ට් එකක් සරමක් කලිසමක් දෙනවා. නමුත් අපේ කුණු වලට යට වෙලා මැරුණ අපේම උන්ව ගොඩ ගන්න දඟලන උන්ට ඒ මොනවත් නෑ. උන් ගැන කතාවක්වත් නෑ. දැං අලුත් පරපුරේ අණ්ඩජ කුලකයේ උන් කියාවි ඒවට තමයි උන්ට පඩි ගෙවන්නෙ කියල. ඔව්…පඩි ගෙවනවා…හැබැයි උන්ගෙ රස්සාව අපේ කුණු අදින එක නෙවෙයි, රට ආරක්ෂා කරන එක…රට වෙනුවෙන් මැරෙන එක. ඔය පඩි ගෙවනවා කියල කියවන එකෙක්වත් පඩියක් දෙන්නං අතක් පයක් කඩාගනිං කියල කිව්වම ඒකට හා කියල කියයිද? පෙන්ෂන් එක ගෙදරට යවන්නං බෝම්බයක් බැඳගෙන කොටි කඳවුරකට පැනල මැරියන් කිව්වම පනීද? නෑ…ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් උත්තරය වීරත්වයෙන් පිරිපුන් එකක් වෙනවා සත්තකයි.

මම මේ කොළ පාට ඇඳුමට හුඟක් ආදරෙයි. මට උන්ට ගෙවන පඩිය වැඩක් නෑ. මොකද උන් කරන මෙහෙවරේ තරම ඒ සොච්චම් පඩියෙන් කවර් කරන්න බෑ. කොල පාට වස්තරේ ඇඳගෙන උන් දාන වැඩ වලින් හරි අඩක්වත් කට කියවන අලුත් පරපුරේ උන්ට කරන්නත් බෑ. නමුත් අපේ කොල්ලන්ව හරි හමන් විදිහට ඇගයීමකට ලක්වෙන්නෙත් නෑ. මොකද ඒ හැඟීම වැවෙන්න මහ එවුන් ඉඩ දීලත් නෑ.

ඉන්දියාව ගත්තොත් උන්ගෙ ෆෝසස් සම්බන්ධ ෆිල්ම්ස් හදද්දිත් හදන්නෙ ඒ මිනිස්සුන්ගෙ කැප කිරීම ඉස්මතු වෙන්න, ඒ මිනිසෞ වෙනුවෙන් රට වැසියන්ගෙ ගරුත්වය ඉස්මතුවෙන්න. උන්ගෙ කොමෙඩි ෂෝ එකක උනත් විහිලුවට ලක්කරන්නැති එකම වෘත්තිය හමුදාව. නමුත් ලංකාවෙ කැමරාවක් අල්ලන එකෙක් ෆිල්ම් එකක් හැදුවොත් හදන්නෙ ආමි එකේ මනුස්සය වැඩට ගියාම ගෑණි හොර මිනිස්සු එක්ක යන එක ගැන…ඉතිං කොහොමද කෙරෙන නියම කැපකිරීම ගැන මිනිස්සු දැනගන්නෙ?
ඉන්දියාවෙ 84% වැසිකිළි නැතුව හිටියට උන් දන්නවා ගරු කරන්න ඕනෙ කොතනටද කියලා. උන් උන්ගෙ එවුන්ව මාකට් කරන්න පුළුවන් හැම විදිහකටම කරනවා. නමුත් අපේ මොකද්ද කරන්නෙ? හමුදාවෙ හිටපු උන්ම සුදු කොඩි කතා කියල තමන් යටතෙ හිටපු උන්ව පාවල දෙනව, රටේ ලොක්කො ණය වෙලා වාහන අරං ලෝකෙන් බදු සහන ගන්න රට රකින්න තියන ත්‍රස්ථවාදී මර්ධන පනත අයින් කරන්න හදනව, ත්‍රස්තවාදියො මරපු කොල්ලො එකා දෙන්නා ඇතුළට දානව. ඔක්කොමත් හරි…කොටින්ගෙන් බෝම්බ කාලා වෙඩි කාලා අත පය නැතුව ජීව්තේ විතරක් යාන්තමින් බේරිච්ච උන්ගෙ විශ්‍රාම පඩියත් නැති කරලා උන්ගෙ ඉතුරු වෙලා තියන අත පයත් කඩල දානව. ඊටපස්සෙ දියතලාවෙ කමිෂන් සෙරමනි එකට ගිහිල්ලා කැහැටු පපුව ඉස්සරහට දාලා කියනවා “මම රණවිරුවාගේ ගරුත්වය ආරක්ශා කරමි.” කියලා.

කාවද මේ රවට්ටන්නෙ?

රට රැකපු උන්ට මේ තරම් පජාත විදිහට නං රටේ ආණ්ඩුව සළකන්නෙ, රට රැකගන්න මොනවත්ම නොකරපු අපි වගේ සිවිල් වැසියො ගැන කවර කතාද?
තමුන්ගෙ ආරක්ශාවට ඉඳලා ආබාධිත වෙච්ච රණ විරුවෙකුටවත් ගරු නොකරන පාලකයෝ අපිට කොහොම සළකයිද?

කොටින්ගෙන් බැට කාපු අපි වෙනුවෙන් උන් හිටියට කොටි හිතවාදී ආණ්ඩුවෙන් උන්ව හිරේ දාද්දි උන් වෙනුවෙන් අපි හිටියද?

අපි වෙනුවෙන් අපි කියල කටක් ඇරල අපිට කියන්න පුළුවන්ද?

#සුහාරා

Advertisements

One Comment Add yours

  1. Kushi Kushi says:

    Sahatika atta. Api wenuwen un hamadama hitiya. At ape awun un wenuwen kawamadawat hitiye na. Attatama unta api wenuwen api unee unmae. Api newi. Ath un kawamadawat api akka taraha une naa. Aa unge manussakama nisa. LTTE akavparada karapu dawase kiribath kapu samahara awun passe kale ata pass awun kiyaddit minimaruwo kiyaddit un sadda nokara hitiya. Apicakka taeaha unee naaa. Adat un ape dukedibpihita una.
    Kawro monawa kiwwat apita ubala gana adambarae sahodaraya. Tamat me rate harda sakshiyak tiyena minissu jiwatvwenawa. Un ubalata adatat wadiyen adare karanawa…….

    Liked by 1 person

Leave a Reply

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s